Fifty Days - දවස් පනහක් l කෙටිකතාව - අවසන් දිගහැරුම

 Fifty Days - දවස් පනහක්

කෙටිකතාව - අවසන් දිගහැරුම




ඉටිපන්දම් ටිකත් පත්තු කරගෙන අපි හෙමින් හෙමින් කාමරේට ගියා......
අපි යද්දි අම්මි හොදටම නිදි......... මම හෙමින් ගිහින් එක පාරටම අම්මි බයවෙන විදිහට නැගිට්ටවන්න හැදුවෙ.......ඒත් එකපාරටම තාත්ති මාව අල්ලගත්තා....
එපා එපා..... යමු එලියට ....තාත්ති රහසින් වගේ කිව්වහම අපි ආපහු කාමරෙන් එලියට ආවා....
මොකද තාත්ති වුනේ....... මල්ලි ඇහුවෙ මම හෙමින් දොරවහලා එද්දි......
අම්මා සනීපෙට නිදිනෙ ශෙනුක..... මට ඇහැරවන්න දුකයි......... තාත්ති කිව්වෙ මූන ඇඹුල් කරගෙන.....ඉටිපන්දම් නිවන ගමන්......
අයියෝ තාත්ති... මේ වෙලාවෙ ඒක කමක් නැහැ....මමනේ කියන්නෙ.....තාත්තී මල්ලි පහලට යන්න.... මම අම්මිව එක්කන් එන්නම් පහලට..... ඊට පස්සෙ ඔයාලා ලයිට්ස් ඔන් කරලා හැපි බර්ත්ඩේ කියන්න.....මම තාත්තිවයි මල්ලිවයි පහලට යවලා හෙමිහිට අම්මි ඉන්න මගෙ කාමරේට ගියා.........
**
දුව එයාව එක්කගෙන එනකම් මම හිටියෙ බයේ ගැහි ගැහි............... එක පාරටම දුව එක්ක එයා කලුවරේම පහලට දුවගෙන ආවා.....
කෝ කෝ කළ්යාණ් ට හොදටම අමාරුද ? එයා හයියෙන් ඇහුවෙ කලුවරේ පඩිපෙල බහිනගමන්......
ඒත් ඒක්කම මම ස්විච් ඔන් කරනවත් එක්කම මමයි දුවයි පුතයි තුන්දෙනාම කෑ ගැහුවා.....
Happy Birthday ..........
එයා බලන් හිටියෙ ගල් වෙලා වගේ........ මං හිතන්නෙ ........එයා ඒකට කැමති නැහැ වගේ.......මම හිතුවා....
ඇත්තමයි....කළ්යාණ් තමුසෙ මහම මහ බූරුවෙක්............ගොඩක් තරහෙන් එහෙම කියපු එයා එක පාරටම මගෙ ලගට ආවේ දුවයි පුතයි දෙන්නම බයවෙලා බලන් ඉන්නකොට......
"කළ්යාණ් ..........." සශී එකපාරටම මගේ නම කිව්වහම මම තවත් බය වුනා...
මම බිම බලාගත්තෙ බැනුමක් අහන්න හිත හදාගෙන....
බයවෙලා ඉවර නම් අපි මේ කේක් එක කපමුද ? සශී එකපාරටම කිව්වෙ හරි ලස්සන විදිහට ....
හිතාගන්න බැරුව හිටිය මම එයා දිහා බලලා හිනා වුනේ හිතට ආපු පුදුම තරම් සතුටක් එක්ක.......
ඒත් එක්කම හිනාවීගෙන අපි ලගට ආපු දුවයි පුතයි කේක් එකේ ඉටිපන්දම් ටික ආපහු පත්තු කලා.....
සශී.......කේක් එක කපද්දි අපි තුන්දෙනා බර්ත් ඩේ සෝන්ග් එක කිව්වෙ හරිම සතුටින් .....
සශී මුලින්ම කේක් කැව්වෙ දුවටයි පුතාටයි....ඊට පස්සෙ අවුරුදු නවයකට පස්සෙ එයා දන්නෙම නැතුව මට කේක් කෑල්ලක් කැව්වා..... ඊට පස්සෙ මාත් කේක් කැල්ලක් අරන් එයාගෙ කවනකොටයි එයාට අපහු මතක් වුනේ අපි ඩිවෝස් වෙලා ගොඩක් කල් කියන එක.....
එයා ඒ කේක් කැල්ල කාලා බිම බලාගත්තා..... රෑ දොලහමාරට ලමයින්ට ආපහු තේත් හදලා දීලා ශෙනුක වත් කාමරේට යවලා සශීත් ශෙනුකි එක්ක කාමරේට ගියා.......
මට නින්ද යන්නෙ නැහැ........ මම සශීට අරගත්තු වොච් එකත් අරගෙන උඩ තට්ටුවෙ බැල්කනි එකට වෙලා කල්පනා කර කර හිටියෙ......
කළ්යාණ් .......... ඔයා නිදාගන්නෙ නැද්ද ? මට ඇහුනෙ සශීගෙ කට හඩ..... මම හැරිලා බලද්දි සශී මගෙ පිටිපස්සෙ .....
ඔයා නිදාගන්න සශී....... මට ඒ හැටි නිදිමතක් නැහැ..........මම සශීට කිව්වෙ වොච් එක හන්ගගන්න ගමන්.....
මගෙත් නිදිමත ගියා........ හොද හුලං පාරක සදදයක් ඇහුන නිසයි මම ආවෙ..... සශී කිව්වෙ මගේ ලගට එන ගමන්.......
කල් ඔයා ඔය නිදාගන්නෙ නැති එක ඒ තරම් හොද නැහැ....... සශී කියද්දි අඩ අදුරෙන්ම මම එයාගෙ මූන දිහා බැලුවෙ පුදුමෙන් වගේ......
සශී මොකද්ද ඔයා කිව්වෙ.........මම ඇහුවෙ ඒ ඇහුන දේ හරියටම කන්ෆර්ම් කරගන්න.....
මම කිව්වෙ ඔයා නිදාගන්නෙ නැතිඑක.....
නෑ නෑ ඊට කලින්.....මම ආපහු කිව්වා...
ඊට කලින් කිව්වෙ ....සශී ඇහුවෙ කුතුහලයෙන්...
ඔයා මට "කල්" කියල නේද කිව්වෙ......මම එහෙම ඇහුවෙ අවුරුදු ගානකට කලින් එයා මට කතා කරපු විදිහට එයා මේ දැන් මට කතා කරපු නිසා.....
අහ්... ඉස්සර වගේ නේද? සශී කිව්වෙ හෙමිහිට හිනාවෙන ගමන්.....
හ්ම්ම්.....මාත් ඔලුව වැනුවා ......
සශී මම ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද ? ඔයා මුකුත් හිතන්නෙ නැත්තම්......මට ඕන වුනේ සශීගෙන් මගෙ හිතේ තියෙන දේවල් අහලා හිත නිදහස් කරගන්න.........
අහන්න........ සශී මට අවසර දුන්නා.....
සශී පහුගිය අවුරුදු අටටම එක පාරක්වත් මාව මතක් වුනේ නැද්ද ? එක පාරක්වත් මාත් එක්ක කතා කරන්න ඕන කියලා මාව දකින්න ඕන කියලා හිතුනෙ නැද්ද ? මම ඇහුවෙ මගේ ඇහෙන් කදුලක් වැටෙද්දි.......
ඒ ප්රශ්නෙ මම ඔයාගෙන්ම ඇහුවොත්...... සශී කලේ මගේ ප්රශ්නෙට මටත් ප්රශ්නෙකින් උත්තර දීපු එක.......
මතක් නොවුන වෙලාවක් , දවසක් මට නැහැ... කතා කරන්න ඕන කියලා හිතුන වාර බලන්න ඕන කියලා හිතුන වාර අන්නතයි....හැබැයි එහෙම කලා නම්...... මම ගොලු......වුනා....
ඒ වෙලාවෙම හැමදේම දමලා ගහලා එනවා නේද? සශී එකපාරටම මගේ හිතේ තියෙන දේම කිව්වෙ හරියට......මගේ හිත කියෙව්ව වගේ........
මම කලේ හෙමිහිට ඔලුව වැනුව එක............
එහෙනම් මාත් ඒ දේම කරන්න තිබ්බ කල්.......සශී එහෙම කියලා යන්න හැරෙනවත් එක්කම මම එයාගෙ අතින් අල්ලගත්තා..................
ඒත් එක්කම එයා මගේ දිහා හැරිලා බලපු විදිහ අඩ අදුරත් එක්ක මම දැක්කෙ හරිම ලස්සනට.......එයාගෙ ඇස් දෙක මොකද්දෝ කියාගන්න බැරුව දිලිසෙද්දි.... මම එයාගෙ අතට මම ගෙනාපු වොච් එක දැම්මා.........
මගේ අත ගසලා දාපු එයා අත උඩට අරගෙන වොච් එක දිහා බලාගෙන අනිත් අතින් වොච් එක අතගෑවෙ හරිම පරිස්සමෙන් .......
මේක ගොඩක් ලස්සනයි .........තාමත් ඔයා ලස්සනට තෝරනවා .....සශී කිව්වෙ ලස්සනට හිනාවෙන ගමන්......
එහෙම කියලා ආයෙත් වොච් එක දිහා ටික වෙලාවක් බලන් හිටපු සශී මොකද්දෝ දෙයක් මතක් වෙලා වගෙ මගේ දිහා ඇස් ලොකු කරලා බලලා කාමරේට දිව්වෙ ආපහු හැරෙන්නෙවත් නැතුව ...........
තව ටික වෙලාවක් ඉදලා මාත් ආපහු මගේ කාමරේට ඇවිත් ඇස් පියාහත්තෙ හිත සැහැල්ලු වුන නිසා.......
.........................
ඊට පස්සෙ දවස් දෙක තුනක් පොලිසියෙන් පර්මිට් හදාගෙන මම ඔෆිස් එකට ගියෙ ඩොකියුමන්ට්ස් එහම ගෙදර ඇරන් ඇවිත් වැඩ ටිකක් කරන්න කියල..... ඒත් චයිනා වල සිටුවේශන් එකත් බිස්නස් වලට ටිකක් වැදිලා තිබ්බෙ.....රෑ වෙලා ගෙදර ආපු නිසා මට ලමයි එක්කවත් සශී එක්කවත් හරියට කතා කරන්න හම්බුනේ නැහැ......
සෙනසුරාදා දවසෙ උදේ පාන්දරම ඇහැරිලා මූන හෝදගෙන එහෙම එලියට බහිද්දි සශී මිදුලෙ......එක්සසයිස් කරනවා.....
අර මැශින් දෙක ඇතුලෙ තියෙන්නෙ .....ගිහින් කරන්නකෝ..... මම කිව්වෙ සශී අමාරුවෙන් මිදුලෙ ඉන්නවා වගේ දැකපු නිසා.....
මං මේ යෝගා කරන්න ට්ර්යි කලේ...... සශී කිව්වෙ අමුතු විදිහට අතක් උස්සන ගමන්.....
මමත් හිනා වෙවී ඒ දිහා බලන් හිටියෙ එයා කරන දේවල් එයාවත් දන්නවද කියලා හිත හිත.....
මොකද කල් මේ වාහනේ හැටි .... හෝදන්නෙ නැද්ද ? සශී ඇහුවෙ මගේ දිහාට එනගමන් මිදුලෙ තිබ්බ වාහනේ දිහා බල බල .....
මාසෙකින් විතර බැරි වුනා මම කිව්වෙත් වාහනේ දිහා බලාගෙනම.......ඇත්තටම මට මේක අමතකවුනානේ.....සශී මොනව හිතුවද දන්නෙ නැහැ....මට හිතුනෙ එහෙම...
සශී එක පාරටම එයාගෙ සපත්තු දෙක දාලා හෝස් එක ගහලා තිබ්බ ටැප් එක ලගට ගිහින් හෝස් එකේ කෙලවර අතට අරන් ටැප් එක ඇරියා......
එන්න හෝදමු අපි..... සශී කිව්වෙ වතුර බේරෙන හෝස් එකේ කෙලවර අරන් වාහනේ ලගට යන ගමන්.....
එයා වාහනේ හෝදන්න පටන් ගත්තා.....මාත් ආසාවෙන් එයා එක්ක ඒකට එකතු වුනේ අවුරුදු ගානකින් දැනෙන සතුටත් එක්ක.....
ඇත්තටම කිව්වොත් අපි දෙන්නා එතන සෙල්ලම් කලා....එයා මාගේ ඇගට හෝස් එක අල්ලලා මාව හොදටම තෙමුවා....මාත් අතෑරියේ නෑ.......මාත් කොහොමහරි හෝස් එක උදුරගෙන එයාව නෑව්වා
මොකද අනේ ඔය දෙන්නා පොඩි උන් වගෙ...... එක පාරටම අපිට ඇහුනේ දුව ශෙනුකිගෙ හඩ..... ඒ හඩත් එක්ක එකපාර ඒ පැත්ත බලපු සශී එක පාරටම කකුල පැටලිලා බිමවැටුනා......
ඒත් එක්කම මාත් එයා ලගට පැනනෙ දුවත් අඩියට දෙකට එයා ලගට එද්දි.........
ආව් කකුල.........සශී හරි අමාරුවෙන් කෙදිරිගාද්දි මම එයාව මගේ ඇගට වත්තම් කරගෙන එයාගෙ කකුල බැලුවා......
අයියෝ පැටලිලා වැටෙද්දි ගල් කෑල්ලකට කකුල කැපිලා .......ලේ එනවා......
සශී එන්න ඇතුලට යමු.........මම එහෙම කියලා එයාව වත්තම් කරගෙන නැගිට්ටුවත් හරි වේදනාවෙන් අඩිය තියන එක බලන් ඉන්න මට බැරි වුනා......ඉතින් මම එයාව හරහට වඩාගත්තෙ එයාට කතා කරන්නවත් වෙලාවක් නොදී..........මම එයාව වඩාගෙන ගිහින් සාලේ සෝෆා එක උඩින් තිබ්බා.......
රිදෙනවා....... කල්.........සශී කෙදිරිගැවෙ හරියට බබෙක් වගේ........... සශීගෙ ලේ ටිකක් වැඩිපුර එනවා......රෙදි කැල්ලක් අරන් බැන්දට පස්සෙ ලේ යන එක නැවතුනා...
තාත්ති මොකද මේ බිම රතු පාට....අයියෝ අම්මි මොකද උනේ.......දුව එකපාරටම සශීව දැකලා එයා ලගට ආවා.....
වැඩිය මුකුත් වුනේ නැහැ......පොඩ්ඩ්ක් තුවාල වුනා....සශී කිව්වෙ අමාරුවෙන් හිනා වෙනගමන්...
****
පොඩ්ඩක් තුවාල වුනා නම් මෙහෙම ලේ එනවද අම්මි.......මම අම්මිට කිව්වෙ බිම වැටිලා තියෙන ලේ දිහා බලලා...
ඔව් ඔයා ගිහින් අම්මිව රෙඩි කරන්න.....මාත් ඇදුමක් දාගෙන එන්නම් ගිහින් බෙහෙත් දාගෙන එමු.......තාත්ති කිව්වෙ මගෙ උරහිසට අත තියන ගමන්....
අනේ කල් එහෙම ඕන නැහැ......පොඩි දෙයක්නෙ මේක.........අම්මි , තාත්ති දිහා බලාගෙන කිව්වෙ හරියට පොඩි ලමයෙක් වගේ........
සශී මේක පොඩි තුවාලයක් තමයි...ඒත් මෙ දවස් වල බයයිනෙ...ජර්ම් එකක් වත් ගියොත්...... ඒක නිසා හොද ලමයා වගේ ගිහින් බෙහෙත් ටිකක් දාගෙන එමු.........තාත්ති ඒක කිව්වෙ බබෙක් ට පැහැදිලි කරනවා වගේ හරිම ආදරෙන්.....
ඒත් තාත්ති මේ දවස් වල ඩිස්පෙන්සරි ඕපන් ද ?
ඔව් .....ඩොක්ටර් සමරකෝන් විතරක් ඕපන්......තාත්ති එහෙම කිව්වෙ රෙඩි වෙන්න යනගමන්.......
මම අම්මිව හෙමින් එක්කන් ගිහින් අම්මිට රෙඩි වෙන්න හෙල්ප් කලා......
අම්මිව එක්කන් යන්න උඩට ආපු තාත්ති හෙමින් හෙමින් අම්මිව එක්කගෙන පහලට බැස්සා...
අම්මි තාත්තියි තනියම පිටත් වුනේ මල්ලි නැත්තම් තනියම නිසා......
**
ඩොක්ටර් ගාව ටිකක් සෙනග හිටපු නිසා අපිට ටිකක් වෙලා ඉන්න වුනා........ඩොක්ටර් සශීගෙ කකුල බලලා කිව්වෙ....පැලිලා තියෙන නිසා මැහුම් දෙක තුනක් දාන්න වෙයි කියලා.....ඒක කිව්වහම සශීගෙ මූණ ඇඹුල් වුනා.....
ඩොක්ටර් සශීගෙ කකුලට මැහුම් දාද්දි මගෙඇස් වලට කදුලු ආවෙ....සශි හරි වේදනාවෙන් අඩ අඩ මාව බදාගත්තු නිසා....කකුල හිරිවට්ටලා තිබුනත් නිකන් දැනෙනවා වගේ අඩපු සශීවත් හෙමින් හෙමින් එක්කගෙන ඇවිත් වාහනේට නග්ගලා මමත් වාහනේට නැග්ගා.....
කල් මට ඉක්මන්ට යූ එස් ඒ යන්න ඕන ...... සශී කිව්වෙ අහක බලාගෙන.......
ඒ ඇයි සශි ... මේ එකපාරටම ....... අනික මේ වෙලාවේ .....බැහැනෙ කොහොමත්......අනික මගෙන් ඔයාට මොනවහරි වැරැද්දක් වත් උනාද ?
මම ඇහුවෙ සශී එහෙම කිව්වහම මට දැනුන මොකද්දෝ හැගීමක් එක්ක....
වැරැද්ද තමයි වැරැද්දක් නැතිඑක කල්........ සශී කිව්වෙ ඒ විදිහටම අහක බලාගෙන ඉන්න ගමන්....
සශී ඔයා කියන දේ මට තේරෙන්නේ නැහැ......වාහනේ ස්ටාර්ට් කරලා හෙමින් හෙමින් ඉස්සරහට යන ගමන් මම කිව්වා......
මම බයයි කල්යාණ් ..... ගොඩක් බයයි.........
බය ......ඒ මොකටද සශී.....? මම ඇහුවෙ හරිම පුදුමෙන් ?
මට බයයි කළ්යාණ් ...... මම ඔයාට ආපහු ලං වෙයි කියලා.......මේ දවස් දෙකතුනට අපි ලං වුනා ගොඩක් වැඩී...... සශී කිව්වෙ අහක බලාගෙනමයි......සශී එහෙම කිව්වහම මගේ හිතට දැනුනෙ ලොකු දුකක්.......
මම දන්නෙ නැහැ සශී , මම ඔයාට උත්තර දෙන්න ඕන කොහොමද කියලා....ඒත්.......ඒත් ඒ දේට මම ගොඩක් කැමතියි....... මම සශීට කිව්වෙ මගෙ හිතෙ තිබ්බ දේ.....
ඒත් මම ඒකට කැමති නැහැ කළ්යාණ් .....මොකද මම මගේ ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහින් හිටියෙ.....පරන වෙලා දුක් විදින්න වෙයි කියන දේ එක්ක මට තවත් ජීවත් වෙන්න බැහැ......
සශී ඒ කිව්ව දේත් එක්ක මම මුකුත්ම නොකියා එයාවත් එක්කගෙන ගෙදරට ගියෙ හිතේ තිබ්බ දුක තදකරගෙන.........
අපි ගෙදටට යද්දි අපි එනකම් දුවයි පුතයි දෙන්නම බලන් හිටියා..... ඒ දෙන්නා එකතු වෙලා සශීව වාහනෙන් බස්සගෙන ඇතුලට යද්දි මම මගේ කාමරේට ගියෙ වොශ් එකක් දාගන්න.....
දවස් දෙක් තුනක්ම යනකන් කිසිම වැඩක් කරන්න මම සශීට ඉඩ දුන්නෙ නැහැ......දවසක් සශී උදේම කොරගගහා කුස්සියෙ උයනවා....
සශී ඇයි ඔයා මේ මහන්සි වෙන්නෙ....ඔයා දන්නවනෙ තව දවස් දෙකක් ඉවසන්න.....මම සශීට කිව්වෙ එයාගෙ මැහුම් කපන්න තව දවස් දෙකක් තියෙන නිසා
කළ්යාණ් මට බැහැ අනේ එහෙම ගේ ඇතුලට වෙලා ඉන්න....දන්නවනේ....සශී කිව්වෙ මං කියපු දේ පොඩ්ඩක් වත් ගනන් නොගෙන.....හැබැයී ... ඒ පන්ඩිත කතාව කියලා තප්පර දහයක් යන්නත් කලින් ආපහු සශී වැටෙන්න ගියෙ තුවාලෙ නිසා නුහුරට ඇවිදින්න ගිහින්....මම අඩියට දෙකට පැනලා එයාව අල්ලගත්තා...
කිව්ව නේද පන්ඩිතකම් කරන්න එපා කියලා.....සශීව අල්ලගෙනම කියලා හෙමින් හෙමින් මම එයාව සාලේ සෝෆා එක ලගට එක්කන් ගියා.......
ගුඩ් මෝනින්ග් අයියා............... එක පාරටම කෑ ගහගෙන ගේ ඇතුලට ආවේ ස්ටෙෆනි ...... මම ,සශීව අල්ලගෙන ඉන්නවා දැකපු ස්ටෙෆනිගෙ මූන ඇඹුල් වෙලා ගියා.......
ගුඩ් මෝනින්ග් ස්ටෙෆනි .........මම කිව්වෙ සශීව පුටුවෙන් වාඩි කරවන ගමන්.....
ගුඩ් මෝනින්ග් නංගී....මලගෙදරින් පාස්සෙ දැක්කෙම නැහැනේ......සශීත් හිනාවෙලා කිව්වෙ පුටුවෙ වාඩිවෙන ගමන්........
අක්කට මොකද උනේ....... ස්ටෙෆනි ඇහුවෙ හිනාවක් මවාගෙන සශී ලගට එන ගමන්.....
පොඩ්ඩක් කකුල තුවාල වුනා......
සශී එක්ක ස්ටෙෆනි ට කතා කරගන්න දීලා මම එතනින් අයින් වෙලා ගියා.......
මේ විදිහට හෙමින් හෙමින් ලොක්ඩවුන් එක යද්දි....සති දෙකතුන ගෙවිලා ගියා...මාස එකහමාරක්ම..... මමයි සශියි එන්න එන්නම ලං වුනා..... එයා එයාවම මගෙන් ඈත් කරගන්න කොයි තරම් ට්රයි කලත් එයාට එයාව මගෙන් ඈත් කරගන්න එක ගොඩක් අමාරු වුනා.....
දවසක් සශී කුස්සියෙ උය උය ඉන්නකොට මම ගිහින් එයාට ලං වුනා.....
සශී ...........මම කතාකලහම එයා මගේ දිහාට හැරුනෙ ගැස්සිලා....
මොකද අනේ මේ මහ දවල් හොල්මනක් වගේ බය කරන්නෙ ...මාව ගැස්සිලා ගියා.... සශී කිව්වෙ පපුවට අත තියාගෙන.....
සශී මට ඔයාගෙන් දෙයක් අහන්න ඕන..... මම කිව්වෙ සශී ආපහු අනිත් පැත්තහැරිලා වැඩේ පටන් ගත්තහම...
මොකද්ද ? සශී ඇහුවෙ වැඩේ කරනගමන්ම....
මම දන්නෙ නැහැ සශී ...... ඒත් ඔයාට හිතෙනෙ නැද්ද අපි ආපහු එකතු උනොත් හොදයි කියලා.....මම හෙමින් කිව්වෙ ඒ දේ මට අවුරුදු ගානක් තිස්සෙ දැනෙන දෙයක් නිසා......
කල්යාණ් ඇති......ප්ලීස් නවත්තන්න ඔය විකාර කතා.......... මම ආවේ යන්න බලාගෙන.....ඔයාට බලාපොරොත්තුදෙන්න වත් ඔයත් එක්ක ඉන්නවත් ජීදිතයක් මට නැහැ.........සශී කිව්වෙ ගොඩක් කේන්තියෙන්.......
මම බිම බලාගෙනම හිටියෙ ලොකු දුකකින්.......
කළ්යාණ් ....... දැන් ආපහු මට යන්න කාලෙ ඇවිත්.............මොකද ග්රීන් කාඩ් තියෙන අයට යන්න පුලුවන් කියලා මම ඊයෙ දැනගත්තා.....කොහොමත් හිර වෙලා හිටපු අයවත් දැන් මෙහෙට ගෙන්වගන්නවනේ.........අපිටත් යන්න පුලුවන් ...............සශී කිව්වෙ එයා ඉක්මන්ටම යනවා කියන දේ මට අගවන්න.....
එදා රෑ පුරාම මම කලේ කල්පනා කරපු එක........යන්තම් මට නින්ද යාගෙන එනකොට මට දැනුනෙ....... කවුරුහරි මගෙ ඇදට ආව කියන එක....මම එක පාරටම ගැස්සිලා බලද්දි අඩ අදුරෙ මම දැක්කෙ සශීව.....
කළ්යාණ් ........ සශී මට හෙමිහිට කතා කලේ මගෙ එහා පැත්තෙන් හාන්සි වෙන ගමන්......
කියන්න සශී.................මම ත් උත්තර දුන්නා....
ඇයි තාම මගේ දේවල් ඒ විදිහටම මේ කාමරේ තියන් ඉන්නෙ.........සශී ඇහුවෙ ගොඩක් හැගීම්බර විදිහට.....
මං ඔයාගෙ මෙමරි එකත් එක්ක ජීවත් වෙනවා සශී..........ඔයා නැතිව ගෙවුනු හැම තප්පරේකම ඔයා හිටියෙ මගෙ හදවතින් මේ ගේ ඇතුලෙ .... මාත් එක්කම..........මම කිව්වෙ මගේ ඇස් වලට ආපු කදුලු පිහදානගමන්.......
සශි ටික වෙලාවක් එහෙම්මම හිටියා......
මං මෙහෙම ඉන්නම්........ සශී කිව්වෙ මගේ ලගට ඇවිත් මගෙ පපුවෙන් ඔලුව තියාගන්න ගමන්.....
මම සශීගෙ ඔලුව ආදරෙන් අතගාද්දි..... ටික වෙලාවක් යද්දි එයාට නින්ද ගියා....... මටත් ඒ රෑ නින්ද ගියෙ පුදුම තරම් සතුටකින්.......
****
අයියෝ ගෙදර බෙල් එක කඩන්න හදන්නෙ කවුද ?
තාත්තිලා තාම නිදි ඇති......... මම ඉක්මන්ට පහලට දිව්වෙ බෙල් එක රින්ග් කරන සද්දයක් ඇහිලා..........
මම දොර අරිද්දි දොර ඉස්සරහ හිටගෙන හිටියෙ කවදාවත් දැකලා නැති උස සුදු තාත්තිට වඩා ටිකක් වයස පාට මනුස්සයෙක්........මාස්ක් එකක් දාලා හිටිය නිසා එයාගෙ ඇස් දෙක විතරයි මට පෙනුනෙ.....
එක්ස්කියුස් මී............ ගුඩ් මෝනින්ග් දුව.......ගේට් එක ඕපන් තිබ්බෙ මං හිතන්නෙ ඊයෙ ලොක් කරන්න අමතක වෙලා...ඉතින් මම ඩෝ එක ලගටම ආවා...ඒ මනුස්සයා කියවගෙන කියවගෙන ගියෙ හරි අමුතු විදිහට
ඉට්ස් ඕකේ....ගුඩ් මෝනින්ග් .....ඒත් ඔයා කවුද ? කාව හම්බවෙන්නද ? මම ඇහුවෙ වැරදිලා මෙහෙට ඇවිත් ද කියන එක දැනගන්න......
මෙහෙ නේද මිස්ටර් කළ්යාණ් ගේ ගෙදර...... ඒ මනුස්සයා කිව්වෙ අපෙ තාත්තිගෙ නම....
ඔව් ඔව් ..... තාත්තිව හම්බවෙන්නද ? එන්න ඇතුලට මම කිව්වෙ තාත්තිගෙ යාලුවෙක් වෙන්න ඇති කියලා හිතලා......
නැහැ නැහැ........... තාත්තිව හම්බවෙන්න නම් නෙවෙයි..........අම්මිව හම්බවෙන්න............මම අම්මිගෙ.......හාලෝ ශෙනුක ........ ගුඩ් මෝනින්ග් .......සප්රයිස් මා යන්ග් බෝයි........ ඒ මනුස්සයා එකපාර කෑ ගැහුවහම මම හැරිලා බැලුවා............
මල්ලි එක පාරටම ඒ මනුස්සයා ගාවට දුවගෙන ආවේ......ගොඩකාලෙක ඉදන් දන්න කෙනෙක් වගේ......
ඩීන් අංකල් ඔයා මෙහෙ..... අයි කාන්ට් බිලීව් දිස්.......මල්ලි එක පාරටම ඒ මනුස්සයාව හග් කරන ගමන් කිව්වා......
අක්කෙ ........ අම්මිට එන්න කියන්න..... අම්මිට සප්රයිස් එකක් තියෙනවා...... එහෙම කියපු මල්ලි මගෙ දිහා බැලුවෙ ලොකු හිනාවක් එක්ක.....
කිසි දෙයක් හිතාගන්න බැරිවුන මම උඩ තට්ටුවට දිව්වෙ අම්මිව හොයාගෙන.......මම ගිහින් තාත්තිගෙ රූම් එකේ දොරට තට්ටු කරනවත් එක්කම නිදිමතේ ආපු තාත්ති දොර ඇරියා.......
****
ශෙනුකි.......මොකෝ මේ උදේ පාන්දර.......මම ඇහුවෙ ඇස් දෙක හෙමිහිට පිහදදා......
මරු පාන්දර නවයටත් ලගයි.......දුව එහෙම කියද්දි මගෙ දෙලෝ රත් වුනා.....
සශී නවයයිලු වෙලාව......මම කිව්වෙ ඇගේ හිරි කඩ කඩ හිටිය සශී දිහා බලලා.....
අම්මිගෙ යාලුවෙක් ඇවිත් අම්මිව හොයනවා....... දුව කිව්වෙ කාමරේ ඇතුලට එන ගමන්.....
ඒ කවුද ඒ.......... මමයි සශියි දෙන්නම ඇහුවෙ එකට........
මම දන්නෙ නෑ හැබැයි මල්ලි නම් දන්නවා වගේ.......දුව එහෙම කිව්වහම මමයි සශියි කලේ මූනට මූන බලපු එක....
දුවව පහලට යවලා මමයි සශීයි ඉක්මන්ට මූන ටිකක් හෝදගත්තා.....සශී යි කොන්ඩෙ පීරනකන් මම පහලට ආවේ මේ ආව කෙනා කවුද කියලා බලන්න......
මම පහලට එනවත් එක්කම මේ මනුස්සයා පුටුවෙන් නැගිටලා මගේ දිහාවට ආවා.....
හෙලෝ මිස්ටර් කළ්යාණ් .........මේ මනුස්සයා එකපාරටම මගේ පැත්තට අත දික්කලා....
ඔයා .......මම කල්පනා කරන ගමන්ම දකුණු අත දික් කලේ මේ මනුස්සයාව අදුරගන්න බැරි උන නිසා.......
ඩීන් ඔයා .... ඔයා මෙහෙ.....එක පාරම සශී පහලට දුවගෙන ආවේ ගොඩක් බයවෙලා වගේ.......
සශී....මගෙ රත්තරන් ....... ඔයාව දැක්ක කල්...... ඒ මනුස්සයා මගේ ඉස්සරහා එකපාරටම සශීව හග් කලේ සශීටවත් හිතාගන්න බැරි විදිහට.... අම්මපා මට ඒ වෙලාවෙ ඌව එතනම මරං කන්න හිතුනා.....
සශීගෙ කරට අතදාගෙනම ඌ හිනාවෙවී මගේ පැත්ත හැරුනා..... සශී හිටියෙ ගොඩක් බයවෙලා....මොකද මම හිටියෙ.... මල පැනලා....
අපිට හරියට අදුනගන්නත් බැරි උනානේ....මම තමයි ඩීන්..මං ගැන දැනටමත් සශී කියලා ඇතිනෙ......මම ඔයාගෙ එක්ස් වයිෆ් ගෙ අනාගත හස්බන්ඩ්.............ඒ මිනිහා ඒක කියපු වෙලාවෙ මට දැනුන දේ විස්තර කරන්න කිසිම වචනයක් මගේ ලග නැහැ....එතනම තිබ්බ පුටුවකින් මම දන්නෙම නැතුව වාඩි වෙද්දි.........මගේ දුව මගේ ලගින් ඉදගත්තා......මම වෙන පැත්තක් බලාගෙන කල්පනා කලේ ඊලගට මම මොනවද කරන්නෙ කියලා...............
ඩීන් ව සශීට හම්බවෙලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ යූ එස් ඒ වලදි ....සශීගෙ පවුලෙ හොද යාලුවෙක් ඩීන්.....ඉතින් සශියි ඩීනුයි හොද යාලුවො වෙලා....මීට මාස දෙකකට විතර කලින් ඩීන් සශීට ප්රපෝස් කරලා.......ඒ වෙද්දි ශෙනුකත් ඩීන්ට ගොඩක් එකතුයි...සශියි කැමතිවෙලා තියෙනෙ ශෙනුකගෙ එහෙම අනාගතේ ගැන එහෙම හිතලා තාත්තා කෙනෙක් නැතුව එහෙ තනිවෙලා නිසා.....
ඉතින් මාස හයකින් වෙඩින්ග් එක ගන්න හිතලා.....එහෙදිම.....
ලොක්ඩවුන් එක වෙද්දි ඩීන් ඉදලා තියෙන්නෙ ඉතලි වල.....ඉතින් ඩීන් මිනිස්ටර් කෙනෙක්ගෙ උදව්වෙන් කට්ටිය ගේද්දි කෙලින්ම ලංකාවට ඇවිත්....... කොරන්ටයින් වෙලා සශීව හොයාගෙන ඇවිත්............සශීගෙ අම්මලා තමයි කියලා තියෙන්නෙ මෙහෙ කියලා.......ඉතින් සප්රයිස් එකක් දෙන්න කෙලින්ම ඇවිත්......
එදා රෑ ඩීන් මෙහෙන් ගියෙ ගොඩක් වෙලා කතා කර කර ඉදලා...ඒත් ඒ පැය ගානම මම කලේ මගේ කාමරේට වෙලා තනියම හිටපු එක.....එයා වෙන කෙනෙක් එක්ක ඉන්න එක මට බලන්න බැහැ......
ඩීන් ගියාට පස්සෙ සශී කෙලින්ම ආවේ මාව හොයාගෙන....මගේ කාමරේ හිටපු දුව සශී දිහා බැලුවෙ කන්න වගේ........
මට තාත්තා එක්ක තනියම කතා කරන්න ඕන......සශී කිව්වෙ ඇස් දෙකෙන් හෙමිහිට වැටෙන කදුලු බිංදුත් එක්ක.....
දුව කේන්තියෙන් කාමරෙන් එලියට ගියා......
කල්....මම......සශී ගොතගහන්න ගත්තා....
ඇයි මට කලින් මේ ගැන කිව්වෙ නැත්තෙ ....... මම ඇහුවෙ ඇස් වලින් වැටෙන කදුලු බිංදු ගලාගෙන ගිහින් බිම වැටෙද්දි .......
කළ්යාණ් ......... සශී එකපාරටම ඇවිත් මාව බදාගෙන අඩන්න ගත්තා........... මං ඔයාට කී පාරක් නම් කියන්න උත්සහ කලාද ඒත්......... ඒත් ඔයා මට එක පාරක් වත්..... එක පාරක් වත් කියලා ඉවර කරන්න දුන්නෙ නෑ........... සශී කියාගෙන ගියා.....
ඔව් සශී මමයි වැරදි...... ඔයා කී පාරක් නම් කිව්වද ...ඔයා මෙහෙට අයිති නැහැ ඔයාගෙ ගමන වෙනස් කියලා....... ඒත් මම මෝඩයෙක් වගෙ.... ගොඩක් බලාපොරොත්තු ඇති කරගත්තා.........මම මෝඩයෙක් වගේ හීන ගොඩක් දැක්කා..........මම කිව්වෙ මගේ ඇස් වලින් ගංගාවක් වගෙ බේරෙන කදුලු පිහදාගන්න ගමන්..........
***
මං මගේ කාමරේට ඇවිල්ලා ටික වෙලාවකින් අම්මි මගේ කාමරේට ආවේ කදුලු බේරගෙන..
මගේ තාත්ති කොහොමද මේ දුක දරාගන්නෙ..... මං හිතුවෙ එයාට ඔයා අලුත්ම ජීවිතයක් දෙයි කියලා...........
ශෙනුකි.......මගෙ පැටියො මේ අහන්න........ තාත්තිට මං ගොඩක් උත්සහ කලා කියන්න..........ඒත් .........අම්මි කිව්වෙත් අඩඅඩ
ඇයි අම්මි ඒත් කියන්නෙ ඇයි......? ඔයා මට පොරොන්දු වුනේ තාත්තිට දුකක් නොවෙන්න මේක කියනවා කියලා..... ඒකයි මං මේක හංගගෙන හිටියෙ........මං අම්මිට කිව්වෙ කෑගහලා
ඔව්........මං දැනගෙන හිටියා... මං දැනගෙන හිටියා අම්මි ආපහු මැරි කරන බව...ඒත් මගේ තාත්ති අම්මිට කරන ආදරේ දැක දැක මං කොහොමද ඒක කියන්නෙ............මං හිතින් කියකිය අඩද්දි අම්මිත් මගේ ලගට ඇවිත් මාව තුරුල් කරගත්තා ........
මට සමාවෙන්න පැටියො......මාත් ඔයාගෙ තාත්තිගෙ ආදරෙ ඉස්සරහා අසරණ වුනා.....
ඒත් ඔයාගෙ තාත්තිට අලුත් ජීවිතයක් දෙන්න තාමත් ඔයාට පුලුවන් ............ අම්මි එහෙම කිව්වෙ අඩ අඩම මගෙ ඔලුව අතගානගමන් ......
අන්තිමේදි ......අම්මි කිව්ව විදිහටම මමත් අම්මි එක්ක යන්න එකග වුනා.....ඒ මගේ තාත්තිට මං ගොඩක් ආදරේ නිසා........ එයාට සතුටින් ඉන්න අලුත් පවුල් ජීවිතයක් දෙන්න ඕන නිසා.......
මං එයාගෙන් පොරොන්දුවක් ගත්තා........
"තාත්තී........ඔයා ගෙ හීනේ මම හැබෑ කරන්නම්......මම අම්මිත් එක්ක ගිහින් හොදට ඉගෙනගන්නම්......ලොකු කෙනෙක් වෙන්නම්......හැබැයි ඔයා අනිවාරෙන්ම අවුරුද්දක් ඇතුලත ස්ටෙෆනි ආන්ටිව මැරි කරන්න ඕන.....නැත්තම් ශෙනුකිව කවදාවත් ආපහු දකින්න වෙන්නෙ නැහැ........."
තාත්ති ඒ පොරොන්දුවට කැමති වුනේ මං නිසාමයි......එයාට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ.........
****
සශී ඇවිත් හරියටම දවස් හතලිස් නවයකට පස්සෙ හවස් වරුවෙ හැමෝටම සමුදීලා සශී එක්ක මගේ ශෙනුක වගේම පනටික වුන ශෙනුකිත් වාහනේට නැග්ගෙ එයාර්පෝට් යන්න......ඩැනී කෙලින්ම එයාර්පෝර්ට් එකට එනවා කිව්ව නිසා මගේම පවුල මගේම වෙන අන්තිම දවසෙ එයාර්පෝට් එකට මම එක්කගෙන ගියා.....
රෑ නවයට මම එයාලව එයාර්පෝට් එකෙන් බස්සනකොට ඩැනී කලින්ම ඇවිත් හිනාවීගෙනම සශීව හග් කලා.....
මම ගිහින් එන්නම්......නැහැ...මම යන්නම්....මම සශීට දකුණු අත දික් කලේ කදුලු පුරෝගෙන ........
සශීයිත් කදුලු අතරින්ම මට අතදුන්නා.....ඩැනීත් මට අතට අත දුන්නා.....ශෙනුකවත් බදාගෙන නලලට කිස් එකක් දුන්න මම ශෙනුකිගාවට ගිහින් ශෙනුකිව බදාගත්තෙ කියාගන්න බැරිතරම් දුකකින්....ශෙනුකි අඩාගෙනම මට තුරුල් වුනා.....
මගේ ලග හුරතල් වෙවි හිටපු මගේ කෙලි පොඩ්ඩ .... අද එයා ජීවිතේ අලුත්ම ගමනක් පටන් ගන්නවා.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.... ශෙනුකිවත් බදාගෙන කිස් එකක් දුන්න මම කදුලු පිටින්ම ඇවිත් වාහනේට නැග්ගෙ ආපහු එයාලා දිහා බලන්නෙ නැතුව.....ආපහු ඒ දිහා බැලුවනම් ........ අනිවාරෙන්ම මගේ දුව මගෙ ලගට දුවගෙන එනවා......එයාගෙ ගමන නවත්තන්න මට ඕන නැහැ.......
වාහනේත් හෙමින් හෙමින් ඩ්රයිව් කරගෙන ඇවිත් මම කවුරුත් නැති පාලු තැනකින් නවත්තලා.....හයියෙන් ඇඩුවෙ දරාගන්න බැරි දුක නිසාමයි........
මට මගේ ජීවිතේ හැමදේම අද නැති වුනා......සීට් එකට ඔලුව තියාගෙනම අඩ අඩ කල්පනාකරපු මට ඇහැරුනේ පාන්දර හයට විතර.......
මම ගෙදරට යද්දි හතාමාරට විතර ඇති ...දොරත් ඇරගෙන ගිහින් සෝෆා එකට වැටුනා.....
මට ආයෙත් ගේ ඇතුලෙන් ඇහුනෙ මං ආස සින්දුවක්......මම හිතන්නෙ යද්දි මම රේඩියෝ එකේ ස්විච් එක ඔන් කරලා ගිහිල්ලා...
සද සැන්ගී ගිහින්දෝ....
තාරුකා නිල් එලි නිවී යාවී....
ඒත් හෙට ඒවී හිරු ඒවී..............
වළාකුළු දීප්තිමත් වේවී.....
පුනරාලෝකයෙන් ඉපදී යළි ........
අපගේ පෙම් පරාදීසේ.......
ලංව ඉමු ආයේ අපි වෙන් නොවී..........
අකීකරු දෛවයෝගේ.......
නසාදෝ ධර්මතාවෝ........
ශෙනුකි .......සෝන්ග් එක වැඩි කරන්නකෝ.........මම කෑගැහුවෙ පුරුද්දට වගේ.....
අයියෝ තාත්ති......හැමදාම කියනවනේ වැඩි නෙවෙයි වොලියුම් අප්........ඒ කටහඩින් මාව ඩිම් වෙලා ගියා.....හිතේ ඇතිවුන හිටලුවක් කියලා හිතද්දිම මගේ ඉස්සරහට එක පාරටම දුවගෙන ආවේ....මගෙ පුතා.........
තාත්ති මම වාහනේ වටයක් යනවා........... එහෙම කියාගෙනම මගෙ පුතා වාහනේ යතුර ගනිද්දි මේ වෙන දේ හිතාගන්න බැරුව මම පුටුවෙන් නැගිට්ටා....
ඒ වෙලාවෙ මගේ ඉස්සරහට තේ කෝප්පෙකුට් අරන් ආවේ මගෙ සශී.......සශී ඒ කෝප්පෙ මගෙ අතට දුන්නා....මුකුතම හිතාගන්න බැරුව හිටපු මම ඒක අතට ගත්තා.....
"මගේ පවුල තියෙන්නෙ මෙහෙ ඔයත් එක්ක විතරයි ක්ළ්යාණ්.......අන්තිමේදි මම ඒක තේරුම්ගත්තා.....
ඉක්මන්ට ඕක බීලා යමු....උයන්න එලවළු නැහැ.....
දන්නවනේ ශෙනුකිට ඉක්මන්ට බඩගිනි වෙනවා....."
-සමාප්තයි-
-කතෘ අයිතිය සුරකින්න..
-මෙහි එන නම් ගම් චරිත සියල්ල මනංකල්පිත වේ .

Comments

Popular posts from this blog

පීතෘ කෙටිකතාව l අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය

Divorce Episode 1

Divorce Episode 2