Divorce Episode 2
DIVORCE - (short story)
කෙටි කතාව - අවසන් දිගහැරුම
ඔෆර් එකක් .. ඒ මොකද්ද ? ජිනේ ඇහුවෙ කුතුහලෙන් පරතෙරටම ගිහින්....
මෙන්න මේකයි.... අවුරුද්දක් අපි එකට ඉදලා පස්සෙ ඩිවෝස් වෙනවා..... එකම ගෙදර තනි තනියම.... දෙන්නෙක් විදිහට.... ඒත් මුලු ලෝකෙටම අපි කපල් එකක්....... අනිත් දේ... කිසිම විදිහක සෙක්සුවල් රිලේශන්ශිප් එකක් අපි දෙන්නා අතර ඇති වෙන්නෙ නැහැ.....
ඒත් බං ඩිවෝස් උනහම කෙල්ලෙක් ගැන මිනිස්සු හිතන්නෙ.....ජිනේ කියවගෙන යද්දි මම ජිනේව නැවැත්තුවා.....
මේ අහපං ජිනේ.... ඒකි යකෙක්... යකෙක් නෙවෙයි යක්ශණියක්..... ඒකිට ඔය මොන මගුලක්වත් වැඩක් නෑ.....අනිත් දේ....... මම ඒ ඩීල් එකට සීයට දාහක් කැමතියි.........අන්තිමේ මම ජිනේට මට වෙන සැන්සීමක් නැති බව ඒත්තු ගන්වලා කිව්වා....ඒ දේ රහසක් හැටියට ජිනේ හැමදාම පරිස්සම් කරන එක ගැන මට සැකයක් තිබ්බෙ නැහැ...
පාන්දර වෙනකම් කියව කියව ඉදලා උදේම යන්න පිටත් උනා....
බෙලිහුලොය හරියෙ හොටෙල් එකක් බුක් කරලා තිබ්බෙ අලුත බැදපු ජොඩුවට.. ඔව් මටයි අර පණ්ඩිත ගෑණිටයි.... වාහනේ ඩ්‍රයිව් කරන් යද්දි ඒකිට එලියට විසික් වෙන්න පයින් ගහන්න හිතුන වාර අනන්තයි....මට ඒකිව ඒ තරමටම තිත්ත වෙලා තිබ්බෙ..... ඒකි හිතන් හිටියෙ ඇල්බට් අයින්ස්ටයින් හරි පයිතගරස් හරි කියලා.... ඒ තරමටම පණ්ඩිතයි.... ඩීල් එක නිසා ඉවසන් හිටියා...... ඒත් දෙයියනේ දවස් තුන්සිය හැට පහක්....... හත්තිලව්වයි.... මේක අධික අවුරුද්දක් ....මදැයි කොලා.... හටපංකො තව වැඩිපුර දවසකුත්.....
දවල් වෙදදි හොටෙල් එකට ඇවිත් කාමරේට වෙලා මම ටීවී එක බලන්න ගත්තා.... පට්ට ෆිල්ම් එකක් ගියේ.... ටැමිල් එකක්...ඒක බල බල ඉන්නකොට එක පාරටම රවීණා කෑ ගහන්න ගත්තා...
එක්ස්කියුස් මී ... ඔක පොඩ්ඩක් අඩු කරනවද ?
මම ඒ කියපු එක සත පහකට ගනන් ගත්තෙ නැහැ....
ඕක පොඩ්ඩක් අඩු කරනවද නැද්ද ? රවීණා කිව්වෙ හෙන තර්ජනයක් කරන විදිහට.....ඔන්න ඉතින් ඒකිගෙ තර්ජනේ එක්ක මට මලේ ඝනය පැන්නා.....
ඇයි මං මෙක අඩු කරන්නේ ? මං ඒකිගෙ තර්ජනේ සත පහකට ගනන් නොගෙන ඇහුවා....
මම මෙතන පොතක් කියවනවා.....රවීණා තරහ පාලනය කරගෙන කිව්වා....
ඉතින් ඔයා ඔයාගෙ පාඩුවෙ පොත කියවනවා නම් කියවන්න.... මං මේක අඩු කරන්න ඕන නැහැනේ.....අනිත් එක අපෙ ඩීල් එකට අනුව අපි දෙන්නා තනි තනියෙන් වැඩ කරගන්නෙ....
ඒත් මට මේ පොත කියවන්න ඩිස්ටර්බ්.... රවීණා ආයෙත් තරහෙන් කිව්වා....
එහෙනම් ඔයා එලියට යන්න.... මං ඇගට නොදැනි කිව්ව පාර පොතත් පැත්තකට දාපු රවීණා කාමරෙන් එලියට ගියෙ දඩස් ගාලා දොරවහගෙන..
මං හිතන්නේ ඒකිටත් මලේ ඝනේ පනින්න ඇති.....ඉතින් එහෙම හිතපු මම ආතල් එකේ ෆිල්ම් එක බලන්න ගත්තා....
රෑ වෙලා ඩිනර් එහෙම අරගෙන මම ආපහු කාමරේට ආවෙ හොද නින්දක් දාගන්න කියලා... මල මගුලයි..ඇයි මේ දොර ඇරෙන්නෙ නැත්තෙ.....මට කලින් රවීණා කාමරේට ආවානෙ ... රවීණා මොකෝ මේ ලොක් කරලා මේ දොර අරින්න... මම ටිකක් සද්දෙන් කියලා... තට්ටුවක් දාලා වටපිට බැලුවෙ වෙන කාටහරි නෝන්ඩි උනාද කියලා හරියටම දැනගන්න....
තප්පර දෙක තුනක් යද්දි.... මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා...රවීණගෙන්....
මේකි මොකෝ කෝල් කරන්නේ....... එහෙම හිතපු මම කෝල් එක ආන්ස්වර් කලා.....
හෙලෝ......
හෙලෝ.... ගිහින් පැයකින් එන්න.....
පැයකින් එන්න...තමුසෙට පිස්සුද ...මේ දොර අරිනවා ...
මේ අහනවා... මට මගෙ පොත කියවන්න ඕන... තමුසෙ දවල් වගේම අනිවාරෙන් මට බලු වැඩක් කරයි කියලා මම දන්නවා.....ඒක නිසා ගිහින් පැයකින් විතර එනවා....ඉක්මන්ට ඉවර උනොත් මම ම කෝල් කරන්නම්......එහෙම කියපු රවීණා දඩස් ගාලා ෆෝන් එක තිබ්බෙ මට මුකුත්ම කියන්න වෙලාවක් ඉතුරු නොකර... අම්මපා ඒ වෙලාවෙ නම් මට මලේ හතරවෙනි බලය විතර පැන්නා....මල වැඩි කිරීම මල වැඩිකිරීම මල වැඩිකිරීම මල.......ගත්තා අනිත් අතට ආපහු මේකිට කෝල් එකක් .... ශිට් ෆෝන් එක ඕෆ්....
විලිලැජ්ජ නැතුව එක්ස්ට්‍රා කී එකක් ඉල්ලන්නෙ කොහොමද ...... හරි කමක් නෑ...කොකාට වාරයක් නම් තිත්තයටත් වාරයක් එනවනේ කියලා හිතලා හොටෙල් එකේ නිස්කලංක තැනකට ගිහින් වාඩි වෙලා කල්පනාවට වැටුනා.....
ඒ වෙලාවෙ ෆෝන් එකේ තිබ්බ ශෝභා ගෙයි මගෙයි ෆොටෝස් වලට මම ගියෙ නොදැනුවත්වම වෙන්න ඇති.....ශෝභා අද ඔයා මගෙ ලග හිටියනම් කොයිතරම් නම් අපිට සතුටෙන් ඉන්න තිබුනද ?
ශෝභා ව මතක් වෙන මතක්වෙන වාරයක් පාසා මගේ ඇහැට කදුලක් ආවෙ හිතේ තිබ්බ ආදරේ වැඩිකමටම වෙන්න ඇති.....
ඇස් පියාගෙන ශෝභා ගෙ මතකයන් වල හිරවෙලා හිටපු මම පියවි සිහියට ආවේ එක පාරටම රින්ග් උන මගෙ ෆෝන් එක නිසා...... එක පාරටම කෝල් එක ආන්ස්වර් කරපු මම හෙලෝ කියලා කිව්වෙ ශෝභගෙ මතකයන් එක්ක තිබ්බ දුකත් එක්කම
හෙලෝ......
එන්න.. මම කියවලා ඉවරයි..... හරියටම පැයයි විනාඩි දහයකට පස්සෙ ආපහු යකා මූඩ් එක ඔන් කරගෙන මම කාමරේට ගියේ නැති තරහක් හදාගෙන....
මම කාමරේට යද්දි රවීණා ගෙම්බ පොලේ ගහලා වගේ අත පය හතර අතට දාගෙන ඇද මැද්දෙ.....
මේ මොන විකාරයක්ද මේ.... තමුසෙ නිදාගන්නවත් දන්නෙ නැද්ද පිලිවෙලකට....මම එහෙම කිව්වෙ පරන වලිය මට ආපහු ඇදගන්න ඕන උන නිසා....
මේ ඇදේ මම මේ විදිහටයි නිදාගන්නෙ... රවීණා කිව්වෙ මාත් එක්ක ගේමටම වගේ....
එතකොට මං නිදාගන්නෙ තමුසෙගෙ ඔලුව උඩද ? තමුසෙ මාව එලියත් දාලා දොරවහලා....දැන් මෙතන....
ඇයි .. ඇයි..මොකද කවුද තමුසෙට කිව්වෙ මාත් එක්ක එක ඇදේ ඉන්නවා කියලා....රවීණා ගේමටම බැස්සෙ ඇදෙන් නැගිටලා ඇද උඩ දන තියාගෙන....
මේ අහනවා.... තමුසෙ එක්ක එක ඇදක නිදාගන්න මට කොහොමත් උවමනාවක් නැහැ... මොකද බල්ලො ත් එක්ක නිදාගත්තහම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක....මම ත් අතාරියෙ නෑ.....
ඒකනේ කියන්නෙ ඔය තේරිලා තියෙන්නෙ යස අගේට....රවීණා කිව්වෙ ඇගට නොදැනි....ඔයා බල්ලො එක්ක නිදාගන්න අකමැති නිසා...මම ඔයාට මේ සෝෆා එකේ කොට්ටෙකුයි රෙද්දකුයි රෙඩි කලා....රවීණා බොරු හිනාවක් මවාගෙන කිව්වා...
හුටා....ඔය කෑවේ පරිප්පුව..... එතකොටයි මම දැක්කෙ... මේකි මං එන්න කලින්ම සෝෆා එකේ රෙද්දකුයි කොට්ටෙකුයි ලෑස්ති කරලා.....
හම්මෝ.... ඒකි එක්ක ඒ දවස් ටික ගෙවාගත්තෙ හෙන ගේමක් දීලා....
කොහොමින් කොහොමහරි අන්තිමේදි මම අරන් තිබ්බ අපාට්මන්ට් එකට මම ආවේ රවීණත් එක්කමයි.....ඒ වෙද්දි මම ලංකාවෙ කම්පැනි එකකට ජොඉන් වෙලා හිටපු නිසා වැඩට යන්නත් එතන ඉදන් ගොඩක් ලේසි කියලා මට හිතුනා...
මම ෆුල් ආතල් එකේ මගේ කාමරේට වෙලා සින්දුවක් අහගෙන ඉන්නකොට එකපාරටම රවීණා කඩන් පාත් උනා....
ඇයි ?
මම ඇහුවෙ මල යක්සනී වගේ මගේ දිහා බලන් හිටපු රවීණගෙ මූණ දැකලා...
මං ඉන්න කාමරේ ඇදට මෙට්ටයක් නැහැ.....රවීණා කිව්වෙ මූණ පුම්බගෙන....
ඉතින් ... මට නටන්නද කියන්නෙ....ඔන්න නැටුවා...මම එහෙම කියලා පන්ජාබ් ක්‍රමේට අත් දෙක හෙල්ලුවා...ඕහ් ඔහ්හ්....
ඩීල් එක අනුව තමුසෙ මට පොරොන්දු උනා......රවීණා කියාගෙන යද්දිම මම මැදින් පැන්නා...
කවදද මම තමුසෙට මෙට්ටයක් දෙන්න පොරොන්දු උනේ....? මම කිව්වෙ කාමර දෙකේ වෙනම ඉමු කියලා....බලනවා...මම තමුසෙට කබඩ් එකක් ඇදක් ඒ ඔක්කොම දීලා තියෙනවා... බලනවා මං කොයිතරම් හොදද කියලා...වැඩිත් එක්ක දීලා....
ඇගට නොදැනිම මම කියලා දැම්මා....
මේ රෑ.... මම කොහෙන්ද කියනවා මෙට්ටයක් හොයාගන්නෙ ? රවීණා මූණ පුම්බාගෙන ආපහු ඇහුවා.....
මම දන්නෙ නැහැ... දැන් වෙලාව රෑ හතයිනෙ...හෙට නම් පුලුවන් වෙයි..... මං එහෙම කිව්වහම රවීණා හැරිලා ගිය විදිහ මතක් වෙනකොටත් මට දැනුනෙ මාර ෆන් එකක්....
එදා මාව එලියට දාපු එකට රිටන් එක... එහෙම හිතපු මම ඇදට වෙලා හොදට නිදාගත්තා.....
ඉස්සර මං අකමැතිම දවස සදුදා උනත් මේ ටික දවසට මම කැමතිම විදිහ සදුදා වෙලා තිබ්බෙ....මොකද ඉතින් සදුදා ඉදන් වැඩ කියන්නෙ...අර ගෑනිත් එක්ක මේ ගේ ඇතුලෙ ඉන්න ඕන නෑ කියන එක....
උදේම නැගිටලා මම කුස්සියට ගියෙ තේකක් හදාගන්න....මං කුස්සියට යද්දි මගේ කෝප්පෙටත් තේකක් හදලා තිබ්බා.....
කුස්සියෙන් සුවදකුත් එද්දි තමයි මට මීටර් උනේ ...රවීණා උදේම නැගිටලා උයන්න පටන් අරන්....
ආහ්... තමුසෙ නැගිට්ටද... වැඩිපුර තේ ඉතුරු උන නිසා මං තමුසෙගෙ කෝප්පෙටත් තේ දාලා තිබ්බා ... කැමති නම් බොනවා.... රවීණා කිසි ගානකට නොගෙන කිව්වා..
තේක අතට අරගෙන කිසි කතාවක් නැතුව මම කල්පනා කලේ මේකි මේ තේකට ජාපාල ඇටවත් දාලා මට ගුට්ටක් සෙට් කරලා ඇති කියලා හිත හිත....මම තේක දිහා බල බල හිටපු විදිහෙන් මේකිට සීන් එක තේරුනා මං හිතන්නෙ.....
ඕකට වහ දාලා නැහැ.... බොන්න බැරි නම් විසික් කරලා දානවා.... රවීණා එහෙම කිව්වහමයි මගේ හිතට ෆිට් එකක් ආවේ මේකට මුකුත් දාලා නැතුව ඇති කියලා.....ඉතින් මම තේක බීලා දැම්මා.....හම්මෝ ඇති යන්තම්..... සිරාවටම ඒකි තේකට මුකුත්ම දාලා තිබ්බෙ නෑ
එදා මං ගෙදර එද්දි එයා එයාටම මෙට්ටයක් ගෙනල්ලා තිබුනා....කොහොමහරි වැඩි කතාවක් බහක් ඇතුව මාස දෙකක් විතර ගියා... අනිත් දේ... මට ඒකි එක්කවත් ඒකිට මාත් එක්කවත් කතා කරන්න දේවල් තිබ්බෙ නැහැ... අපි හිටියෙ ලෝක දෙකක........
කොහොමත් මම නිතරම එලියෙ හිටියෙ..සයිට් වල වැඩ වලට... එක දවසක් සිකුරාදා රෑ මම ගෙදර ඇවිත් බලද්දි රවීණා මැරිලා වගේ නිදි.... ඒලියන් ඇටෑක් එකක් ආවත් මේකි නැගිටින්නෙ නැහැ....පොඩි බඩගින්නක් ආපු නිසා ෆ්‍රිජ් එකේ තිබ්බ පලතුරු ටිකත් කපාගෙන අයිස්ක්‍රීම් එකකුත් තිබ්බා ඒකත් දාගෙන කාලා නිදාගත්තා.....
මට මතක නැහැ හරියටම ඇහරුනේ කීයටද කියලා.... ඒත් මං ඇහැරුනේ අර ගෑනිගේ කටේ සද්දෙට...
මම නැගිටලා කුස්සිය පැත්තට යද්දි එක පාරටම මේකි මගෙ ඇගට කඩාගෙන පැන්නා....
තමුසෙ නේද මගෙ පලතුරු ටිකයි අයිස්ක්‍රීම් එකයි කෑවෙ..... ඔව් ඉතින් තමුසෙ නැතුව හොල්මනක් ඊයෙ රෑ කන්නද..? මේකි යක්සාවේසෙන් කියෙව්වා...
ආහ් ඒකද...ඊයේ රා බඩගින්නක් ඇවිත් කෑවා....මම ඇගට නොදැනි කිව්වෙ , ඉතින් ඕක මහලොකු දෙයක්ද කියලා හිත හිත....
තමුසෙ දන්නවද ? පළතුරු ටික නම් තව කමක් නෑ... ඒත් ඒ අයිස්ක්‍රීම් ජාතිය ගන්න මම කිලෝමීටරයක් විතර පයින් ගියා කියලා.......ඒ ෆ්ලේවර් එක තියෙන්නෙ ඒ කඩේ විතරමයි.......මේකි මාව කන්න වගේ බලාගෙන කිව්වා
ආහ් ... එහෙමද ... ඒක තමයි ඒක හරි රහට තිබ්බා.... මම කිසි ගානක් නැතුව කිව්වෙ ඒකිව අවුස්සන්නම හිතාගෙන.....
මේ අහනවා... තමුසෙට මංගානේ අයිස්ක්‍රීම් කන්න දෙන්න කිසි උවමනාවක් මට නැහැ.... මට දෙදහක් දෙනවා මේ දැන්ම....
ඈ ඕයි.. අයිස්ක්‍රීම් එකකට දෙදහක් ... හෙන වැඩීනේ.....
මං කියන්නෙ පොලියත් එක්ක.... මගෙ මහන්සිය එහෙම එකතු කරලා.....
තමුසෙ නම් ශුවර් එකටම බැංකුවෙ වැල්පොලී අංශෙ මැනේජර් වෙන්න ඕන ...ගත් කටටම මට කියවුන පාර ඒකි ගස්සගෙන ගියෙ මේ ලෝකෙ ඉතිරිඋන අන්තිම අයිස්ක්‍රීම් එක මං කාපු ගානට.....
හවස් වරුවෙ රවීණා අම්මලගෙ ගෙදර ගියෙ අයිස්ක්‍රීම් එකක් ගන්න මගෙන් සල්ලිත් අරගෙනමයි.... ඒ අතරෙ මම හෙමින් සැරේ රවීණගෙ කාමරේට රිංගුවෙ මේකි කොහොම ඉන්නව ඇතිද කියලා බලන්න.....
මගෙ ලග හොරෙන් තියාගෙන හිටපු යතුරෙන් ලොක් එක ඇරගෙන මම කාමරේ ඇතුලට ගියා....
හම්මෝ එකේ පිලිවෙල....පොලොවෙ දූවිලි අංශුවක්වත් නැහැ......
ටිකක් වටපිට බලලා කාමරෙන් එලියට එනකොටම මගෙ කකුලක් වැදිලා බෙඩ් කබඩ් එක උඩ තිබ්බ පරණ ඩයරි එකක් බිම වැටුනා.....
ඒ වෙලාවෙ ආව කුප්ප අදහස ක්‍රියාත්මක කිරීම ඇර වෙන අදහසක් මගෙ ඔලුවට ආවෙ නැහැ......
ඉතින් මම ඒ අදහස ක්‍රියාත්මක කලා.... ඒ ඩයරිය මම මුල ඉදන් අගටම කියෙව්වා......
ඈ එහෙම වෙන්න පුලුවන් ද අප්පා...මේ මල යක්සනීටත් කොල්ලෙක් ඉදලා .. මේකි ලවුත් කරලා...අවුරුදු දෙකකට කලින් මේකි හෙන අහිංසකයි.... ඌ බූට් එක තිබ්බහම තමයි යක්සනී වෙලා තියෙන්නෙ....මම මටම කිය කිය ෆුල් ආතල් එකේ ඩයරි එක කියවලා තිබ්බ තැනින්ම තියලා කාමරෙන් එලියට ආවා.......
රෑ හතාමාර විතර වෙද්දි යක්සනී ගෙදරට සම්ප්‍රාප්ත උනේ තවත් අයිස්ක්‍රීම් එකකුයි කෑම භාජන වගේකුයි අරගෙන.....
මේ අන්න තමුසෙට අපෙ අම්මා කෑම එව්වා...ගිහින් කනවා....මේකි කෑගහලා කිව්වා...
ඉතින් තමුසෙ මොකටද ඕවා ගේන්න මහන්සි උනේ.... මං තමුසෙට ගේන්න කිව්වද... ? මාත් කෑගහලා කිව්වා.....
අනේ මේ ඕයි... මට නම් ඇති අමාරුවක් නැහැ තමුසෙට ගිල්ලවන්න... මගෙ අම්මා ආසාවෙන් දුන්න නිසයි ගෙනාවෙ.... එපා නම් විසි කරනවා.. මේකි කිව්වා....
මටත් පට්ට බඩගින්නෙ හිටියෙ එලියට යන්නත් කම්මැලි නිසා සුදුකොඩි වනලා යටත් වෙන්න තීරණය කලා......
තමුසෙගෙ අම්මා එව්ව නිසා මම කනවා... මොනවා උනත් ඒ මිනිස්සු පව්..... එහෙම කියපු මම කෑම බෙදාගන්න යද්දි... ඒකිගේ මූනේ තිබ්බ නෝන්ඩි හිනාව දැක්කහම මට කලු ගලක ඔලුව ගහගන්න හිතුනා....ශිට් මේ කරුම බඩගින්න මේ වෙලාවෙම ආවනේ.....
මොනව උනත් ඒ කෑම ටික නම් පට්ට....මාරම රසක් තිබ්බෙ....සෙනසුරාදා ඒකිගෙන් කාපු නිසා ඉරිදා මම ඒකිට කන්න දෙනවා කියලා මම හිතාගත්තා....
පහුවෙනිදා හවස මම ඒකිට කියාගෙන ගියෙ මම රෑට කෑම අරන් එනවා කියලා... ඉතින් රෑ මම කෑම අරගෙන ආවා....රෑට කාලා ටිකක් වෙලා ෆිල්ම් එකක් බලන්න හිතුවා....ටික වෙලාවකින් යක්ස රවීණා නිදාගන්න ගියා ...
හරියටම රෑ දොලහමාරට විතර ෆිල්ම් එකේ හොදම හරිය යද්දි එක පාරටම මට ඇහුනෙ වෝමිට් වෙන සද්දයක්..... රවීණා ගෙ කාමරෙන්....
මම එක පාරටම නැගිටලා රවීණගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට යද්දි වොශ් රූම් එක ඇතුලෙ රවීණා පන නැතුව වගේ සින්ක් එක බදාගෙන හිටියා....
මාව දැකපු රවීණා එකපාරටම බනින්න වගේ මගෙ පැත්ත හැරුනත් එක පාරටම කපලා දාපු ගහක් වගේ මගේ ඇගට වැටුනා.... රවීණා ෆේන්ට් වෙලා....
රවීණාව අරන් ගිහින් ඇදේ හාන්සි කරපු මම ඉක්මන්ට ඩොක්ටර් කෙනෙක් ගෙන්නුවෙ වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි නිසා.......
ඩොක්ටර් ඇවිත් චෙක් කරලා බලලා කිව්වෙ ඇලජි එකක් කියලා.... කෑමක් නිසා වෙන්න ඇති කියලා බෙහෙතකුත් ලියලා දීලා ඉන්ජෙක්ෂන් එකක් එහෙමත් දුන්නා..... උදේ වෙද්දි සිහිය එයි කියලා ඩොක්ටර් ගියාට මෙයා නැගිටිනකන් මගෙ බොක්ක රත් වෙලා තියෙන බව මම දැනගෙන හිටියා.....
රවීණා ගෙ ඇද ලගම බිමින් වාඩි උනු මට ඇදට හේත්තු උන ගමන්ම නින්ද ගියෙ මහන්සියටත් එක්කම වෙන්න ඇති..... උදේ වෙනවා මට දැනුනෙවත් නැහැ.......කවුරුහරි මගෙ උරහිසට අත තියනවා දැනිලා මම ගැස්සිලා ඇහැරුනා......
ඒ වෙන කවුරුත් නෙවෙයි රවීණා .....
තමුසෙට ඊයේ මොන මගුලක්ද උනේ.....? රවීණගෙ මූණ දැකපු ගමන් මම එක පාරටම ඇගට කඩන් පැන්නා.......
මං හිතන්නෙ මොකක් හරි ඇලජි එකක් වෙන්න ඇති....රවීණා කිසි ගානකට නැතුව කිව්වා....
මම ඇද ගාවින් නැගිටලා කාමරෙන් එලියට එන්න ආවා....මොනවද තමුසෙට ඇලජික් ? මම ආපහු හැරිලා ඇහුවා....
මම දන්නෙ නැහැ... රවීණා ආපහු උත්තර දුන්නෙ කිසි ගානක් නැතුව....
හ්ම්ම්ම්.... මම ඔලුව වැනුවා.....
ඒක නෙවෙයි .... තැන්ක්ස්.... එක පාරටම කවදාවත් අහලා නැති රිදම් එකකින් රවීණා කතා කලා....
ඒ මොකටද තැන්ක් යූ එකක්......මම පුදුමෙන් ඇහුවෙ මේකි තෑන්ක්ස් කියන වචනෙ දන්නවදවත් කියලා තිබ්බ සැකේ නිසා....
ඊයේ අසනීප උන වෙලාවෙ මට උදව් කලාට....ඩොක්ටර් කෙනෙක්වත් ගෙන්නුවා නේද මහ රෑ.. අර රිදම් එකෙන්ම රවීණා කතා කලා....
මම කරේ කරන්න ඕන කියලා හිතුව දේ.... අනිත් එක...අද නිවාඩුවක් දාන්න.... ඩොක්ටර් කිව්වා දවසක් විතර රෙස්ට් කරන්න කියලා....එහෙම කියපු මම කිසි බුරුලක් පෙන්වන්නෙ නැතුවම මගෙ කාමරේට ගියා...
එදා කොහොමහරි රවීණා වැඩට ගියෙ නැහැ.....
පහුවෙනිදා මම වැඩට ගියෙ නෑ....ඉතින් මට ආපහු කුප්ප ආසාවක් ආවා.....ඒ රවීණගෙ ඩයරියක් කියවන්න....ඉතින් වෙනදා වගේම ඇතුලට ගිහින් හොයලා බලද්දි ඇදේ කොට්ටෙ යට තිබිලා ඩයරි එකක් සෙට් උනා....
මගේ ඉහේ මලක් පිපුනා වගේ... මෙන්න භාණ්ඩෙ....මට හම්බුනේ මේ අවුරුද්දෙ ඩයරි එකක්....
මම ඩයරි එක කියවගෙන යද්දි එක පිටුවක් ලගදි මගෙ හදවත නතර වුනා.....ඒ පිටුව කියවද්දි මගේ ඇග හීතල වෙලා ගියා ....
දිනය ..20__- 05-03
ඇත්තටම මේ ලෝකෙ ගොඩක් පුංචි ලෝකයක් කියලා මම අද දැනගත්තා....
මීට අවුරුදු ගානකට කලින් ක්ලාස් එකේ පිස්සු කොල්ලෙක් හිටියා... මිනිහටම ගැලපෙන පිස්සු යාලුවෙක් එක්ක.....මේ කොල්ලගෙ පිස්සු වැඩ බලන් ඉන්න මම හරිම ආසයි....ටික ටික මම මේ කොල්ලට ආදරේ කරන්න ගත්තා.....වන් සයිඩ් ලව් එකක්....ඒ පිස්සු වැඩ මතක් වෙනකොටත් හරි ආසයි....ඒත් ඒ කොල්ලා වහවැටිලා හිටියෙ අපේ ක්ලාස් එකේ හිටපු හරි ලස්සන අහිංසක ලමයෙක්ට......ඒ දෙන්නා හරිම ලස්සනට ගැලපුනා...මට ඉරිසියාවෙ බැහැ... ඒත් කාලයත් එක්කම ඒ දේවල් ලස්සන මතකයක්ම විතරක් වෙලා හෙමින් හෙමින් ඈත් වෙලා ගියා....මට අවුරුදු පහකට විතර පස්සෙ අහන්න ලැබුනේ ඒ දෙන්නා ඉක්මන්ට කසාද බදිනවා කියලා කතාවක්...
අද මැයි 03 වෙනිදා.... මම අද , කසාද බදින්න ඉන්න කෙනාව බලන්න ගියා... ඒත් ඇත්තටම මම ගියේ මම ෆොටෝ එකෙන් දැකපු දේ ඇත්තක්ද කියලා දැනගන්න..... ඔව් මගේ ඇස් වලට වැරදුනේ නැහැ.... සදීශගෙ වෙන්වීමත් එක්ක දුකෙන් හිටපු මම අද, අවුරුදු දෙකකට පස්සෙ සතුටක් වින්දා....
ඒ අවුරුදු ගානකට කලින් හිතින් ආදරේ කරපු ඒ පිස්සු කොල්ලා.... තව සතියකින් පස්සෙ මගෙ හස්බන්ඩ් වෙනවා.....
ඒත් මම දන්නෙ නැහැ එයාට මොනවා වෙලාද කියලා... අද එතන හිටියේ ලස්සන හිනාවත් එක්ක හිටපු පිස්සු කොල්ලා නෙවෙයි .... ජීවිතේ එපා වුන කොල්ලෙක්....
ඇත්තටම ඒ තරම් ලොකු ආදරේකින් හිටපු දෙන්නෙක්ට මොකද උනේ ?
.....
ඒක කියවලා එක තැන නතරවුනු මම අනිත් පිටුවට මාරු උනේ මේ මොකද්ද වෙනෙ කියලා හිතාගන්න බැරුව....
දිනය ..20__- 05-04
මම හර්ශගෙ යාලුවව හොයාගත්තා... එයාගෙන් හැමදේම අහගත්තා....හර්ශ ගැන ඇත්තටම මට ගොඩක් දුකයි....
බයයි ... මම මෙහෙම අහපු බව කියන්න එපා කිව්වට යාලුවා කියයිද දන්නෙ නෑ
එයාගෙ ආදරේ කොහොමහරි එයාට ගෙනත් දෙන්න මම උත්සහ කරනවා...ගොඩක් දුරට බැරිවෙයි... කසාද බැදලලුනෙ එයා...ඒත් පුලුවන් නම් කොයි තරම් හොදද....
........
මම දිගටම කියවගෙන ගියා...
දිනය ..20__- 05-06
මම හර්ශට ඔෆර් එකක් දුන්නා... මොකද මේ වෙලාවෙ මටවත් මේ කසාදෙ නවත්තගන්න බැරි නිසා..
මම හිතුවා වගේම එයා ඒකට කැමති වුනා...
දිනය ..20__- 05-10
අද අපි කසාද බැන්දා... ලියවිල්ලකට විතරක් සීමා වුන එකක්..
වෙඩින් එකෙන් පස්සෙ එයා යාලුවත් එක්ක ලොකු
කයියක..
අදත් මට බයයි .. යාලුවා කියයිද කියලා.....
දිනය ..20__- 05-11
හර්ශ කොයි වෙලාවෙහරි කාමරේට ඒවි කියලා හිටුවට පාන්දර වෙනක්ම්ම එයා ආවේ නැහැ...
උදේ වෙනක්ම්ම මට නින්ද ගියෙත් නැහැ...
බෙලිහුල් ඔය යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි එයා ආවා....
මෙහෙ හරි ලස්සනයි...මම හරි ආසයි එයා එක්ක මෙහෙ ඇවිදින්න...ඒත් ඉතින් එයා හරි මුරණ්ඩු යි... මාත් කිසි බුරුලක් පෙන්වන්නෙ නැහැ...
සොරි හර්ශ... ඔයාව රෑ දොර වහලා එලියට දැම්මේ ඔයාගෙම ආදරේ කොහෙන් හරි හොයලා දෙන්න කියලා හිතාගෙන.... ඒත් ඒක කවදාවත් වෙන එකක් නැහැ..... ඔයාගෙ ශෝභාට ලස්සනම ලස්සන දුවෙක් ඉපදිලා.....
.............
ඒ වෙලාවෙ ශෝභා ගෙ දුව ගැන ලියලා තිබ්බට ඒක මට කිසි ගානක් උනේ නැහැ... මට ඕන උනේ රවීණා ගැන දිගටම දැනගන්න.... ඉතින් මම තවත් ඉස්සරහට කියෙව්වා....
දිනය ..20__- 07.25
අද මම චොක්ලට් අයිස්ක්‍රීම් ගෙනාවා...හර්ශ චොක්ලට් අයිස්ක්‍රීම් කන්න හරි පෙරේතයිලු...
දිනය ..20__- 07.27
උදේ බලද්දි හර්ශ මුලු අයිස්ක්‍රීම් එකම කාලා...ඒත් මහ රෑ ඔහොම අයිස් කාලා ලෙඩ උනොත්... කොහෙද ඉතින් කිව්වට අහන කෙනෙක් නෙවෙයිනෙ...
මගෙන් ඩිවෝස් වෙන්න බලාගෙනනේ ඉන්නෙ...
ඉතින් මම දාගත්තා උදේම වලියක්....වලිය දාගත්තෙ එයාගෙන් සල්ලි ඉල්ලගන්න...
හෙට පන්සලට හීල් දානේ අපේ ගෙදරින්.. ඉතින් අපි දෙන්නම හම්බ කරපු සල්ලි දාලා පිරිකරක් ගෙනිහින් දෙන්න මට ඕන උනා...චේතනාව තමයි මුල් වෙන්නෙ කියලා මම දන්නවා...ඒත්.....ඉල්ලන්නත් බැහැ... ඉල්ලුවොත් පන්ඩිත කමටයි තරහටයි ඕකටත් මෝඩ කතාවක් කියයි....
ඉතින් සල්ලිත් ඉල්ලන් ගිහින් පිරිකරක් අරන් දීලා ආවා..එද්දි අම්මට කියලා හර්ටත් එක්ක උයාගෙන ආවා....පව්... හරියට කනවදවත් කියලා මම දන්නෙ නැහැ....
දිනය ..20__- 07.28
අද එයා මටත් එක්ක කෑම ගෙනාවා ඩිනර් එක...
වෙඩින් එකෙන් පස්සෙ පලවෙනි වතාවට අපි දෙන්නා අද එක මේසෙක කෑම කෑවා.....
දිනය ..20__- 07.29
මට සමාවෙන්න හර්ශ මම ගොඩක් මෝඩ කෙල්ලෙක්....සී ෆුඩ්ස් වලට මට ලොකු ඇලජි එකක් තියෙනවා .....ඒත් මම ඒක ඔයාට කිව්වෙ නැහැ...ඔයා සතුටෙන් ගෙනාපු නිසා මම ඒ ගැන හිතන්නෙ නැතිව කෑවා....
ඒත් උදේ තමයි මට බරපතලකම තේරුනේ......ඔයා ඊයෙ රෑ ගොඩක් මහන්සි වෙලා තිබුනා....ඔයා මගේ ඇද ලග වාඩිවෙලා නිදාගෙන ඉන්නවා දැක්කහම මගෙ පපුව පිචිචිලා ගියා....අනිත් එක මට මොනවහරි උනා නම් ඔයා ලොකු අමාරුවක වැටෙනවා.... අනේ මට සමාවෙන්න හර්ශ..... අඩන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් මට නැහැ...
......
ඩයරි එක කියවලා ඉවර වෙද්දි මගේ ඇස්වලින් වැටුනු කදුලු වලින් මගේ ඇස් වැහිලා තිබුනා....
මම ඩයරි එක කොට්ටෙ යටින් තියලා නැගිට්ටෙ... මේ මුරණ්ඩු යක්ස කෙල්ල ගාව මේ තරම් ආදරයක් තියෙනවද කියලා හිත හිත......
දැන් මට ඕන එකම එක දෙයයි.... මගේ යක්ශ කෙල්ලට ආදරේ කරන්න.......
ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට වෙනදා වගේම මට ඝණ දෙවි නුවණ පහල උනා...
එදා හවස රවීණා ගෙදර එද්දි දුවලා ගිහින් බදාගන්න හිතුනත් මම මාව කන්ට්‍රෝල් කරගත්තෙ හරිම අමාරුවෙන්..........
රෑ ඇවිත් කැම හදලා එයා කලින්ම කාලා නිදාගත්තා... මටත් කෑම තියලා තිබ්බත් මට එදා කනවට වඩා ඕන උනේ එයාගෙ හිතේ තියෙන ආදරේ එලියට ගන්න....
පහුවදා උදේ මම කුස්සියට එද්දි එයා වැඩට යන්න ලෑස්ති වෙලා කුස්සියට ආවේ බත් එක බැදගන්න....
මමත් ඉතින් දත කට මැදගෙන හිටියෙ වලිය දාගන්න....
මේ තමුසෙ ඔය වලං පිගන් ඉදුල් පිටින් තියලා යන්නෙ ඇයි හැමදාම ගේම ගදගහනව දවල් වෙද්දි.... මම පටන් ගත්තා...
අයියෝ ඊයේ යි අදයි විතරනේ...මට ඊයෙත් ලේට් උනා අදත් පොඩ්ඩක් ලේට් ඒකයි... ඔයා කොහොමත් කිචන් එක යූස් කරන්නෙ නැහැනේ...එයා කිසි ගානක් නැතුව කිව්වා...
ආහ් එහෙමද ? තමුසෙට පරක්කු උනා කියලා මෙහෙම ජරා කරලා යන්න පුලුවන් ද ? හදිසියෙ මගෙ යාලුවා ජිනේ එහෙම ආවොත් මොනවා හිතයිද ? අම්මලගෙ තාත්තාලගෙ වැරදි මේවා...හදලා තියෙන හැටි තමයි.... මම පොයින්ට් එකට වැදෙන්න ගැහුවා....
මොකද්ද මොකද්ද තමුසෙ කිව්වෙ ...අම්මලා ගෙ වැරදි... එතකොට තමුසෙ මහලොකු හොද මහත්තයා වෙන්න ඇති.. තමුසෙ අඩුම ගානෙ දන්නවද ගෑනු කෙනෙක්ට ගරු කරලා කතා කරන්නවත්.... ඔන්න ආපහු රවීණාගෙ යක්සනී ආරූඪ උනා.... ඒ කියන්නෙ මගේ වැඩේ අතිසාර්ථකයි....
මට තමුසෙට ඔව් විශේෂයෙන් ම තමුසෙ වගේ එකියක්ට ගරු කරන්න කිසිම උවමනාවක් නැහැ.....මමත් තරහ මවාගෙනම කිව්වා.....
ඇත්තටම තමුසෙව ඩිවෝස් කරන එක තමයි මගෙ එකම සතුට....රවීණත් යක්සාවේසෙනම කෑ ගැහුවා..
මේ අහනවා තමුසෙ හිතුවද මම තමුසෙව ආසාවෙන් බැන්දා කියලා....... මට මේ කසාදෙ කීයටවත් ඕන උනේ නැහැ......මේක මට අප්පිරියයි... මම කිව්වා....
- එතකොට තමුසෙ කියන්නෙ තමුසෙව මම බලෙන් බැදගත්තා කියලද....පුලුවන් කමක් තිබ්බ නම් කසාදෙට කලින් දවසෙ මම මැරෙනවා... තමුසෙට වඩා දස දහස් ගුණයක් මට මේක අප්පිරියයි....
රණ්ඩුවෙලා රණ්ඩුවෙලා එයා වැඩට යන්න ගියා...
මගේ වැඩෙත් හරි...ප්ලෑන් එක ගානට යනවා...
ඊලග තුරුම්පුව ජිනේ.....ජිනේ උඹත් මේවා හංගගෙන හිටියනේ දෙන්නම් උඹටත්.... එහෙම ගිතලා හවස්වරුවෙ කෙලින්ම ගියෙ ජිනේව හම්බවෙන්න...
ජිනේ.... .
ඔව් හර්ශ කියපං.....
ජිනේන්ද්‍ර බල බල හිටපු ෆයිල් එක වහන ගමන් මං දිහා බැලුවා......
මට ඩිවෝස් එක ඕන.......
ඩිවෝස් වෙන්න.....? හර්ශ උඹට පිස්සුද බං... මොලේ හොද නැද්ද උඹට
ජිනේ....මට වෙන විකල්පයක් නැහැ බං ... වෙන විකල්පයක් නැහැ....කොයි තරම් ස්ට්‍රෙස් එකකින්ද මං ජීවත් වෙන්නෙ....
ඒත් මචං ඒ වගේ කෙනෙක්....
මේ අහපං ජිනේ.... ඒකි මේ ලොකෙටම හොද උනත් වැඩක් නැහැ...මට හොද නැත්තම්....
හර්ශ.... මිනිහෙක් තීරණයක් ගනිද්දි එක පාරක් නෙවෙයි ..සිය පාරක් වත් හිතන්න ඕන....
ජිනේ මම දහස් වතාවක් හිතුවා....දහස් වතාවක් උත්සහ කලා....මට මේකි එක්ක ඉන්න බෑ....
හර්ශ... මචං මට තේරෙනවා....උඹ මේකිව ඩිවෝස් කරලා මොකද කරන්නෙ...තව කෙනෙක්ව බදින්නද....ඒකිත් මේ වගේ උනොත්....
මට ආයේ කිසිම දවසක කසාද එපා....
මම කියන්නෙ එකම එක පාරක් උඹ උත්සහ කරලා බලපන්....
ජිනේ....උඹ පේපර්ස් රෙඩි කරපන්.... වෙන කිසි කතාවක් නැහැ..... ඩිවෝස් එක වෙනවා....
ජිනේට කියලා මම කෙලින්ම ගෙදර ගියා...ගෙදර යද්දි රවීණා ඇවිත් හිටියා..
මේ අහනවා... තමුසෙගෙයි මගෙයි ඩොකියුමන්ට් ගණුදෙනුව ගොඩක් ඉක්මන්ට ඉවරවෙයි....මගේ ලෝයර් තමුන්ගෙ අතටම ඩිවෝස් පේපර්ස් ගෙනල්ලා දෙයි.....
ආහ්.... එහෙමද ? පුදුමයි තමුසෙට දැන්වත් මොලේ පෑදුනා....තමුසෙ නොකලත් මම තව ටික දවසක් බලලා ඕක කරන්නෙ හිටියේ...
එහෙනම් තමුසෙට ලේසිවෙයි..... අත්සන දාලා ඕන මගුලක මකබෑවෙනවා.....
ඒක තමුසෙ මට අමුතුවෙන් කියන්න ඕන නෑ...
මෙහෙ මං නැවතිලා හිටියට තුටු පඩුරු මං තමුසෙට දීලයි යන්නේ..... තමුසෙගෙන් ඩිවෝස් එකේදි එක සතයක දෙයක් මට එපා... ඒ තෑග්ග තමුසෙ තියාගන්නවා........
ඒ සතිය ඒ විදිහට කිසිම කතාවක් නැතුව ගෙවිලා ගියා...සෙනසුරාදා හවස් වීගෙන එද්දි එක පාරටම ගෙදර බෙල් එක වැදුනා.... මම ගිහින් පුදුමෙන් වගේ බැලුවෙ කවුද ඒ වෙලාවෙ ආවෙ කියලා...?
මගේ වැඩේ ගොඩ... මේක තමයි වෙලාව....ඇවිත් හිටියේ ජිනේ......
ජිනේ මගේ බොක්ක .. උඹ මෙහෙට එන්න මේ තරම් පරක්කු උන එකයි දුක....
ඉතින් ඉතින් වාඩිවෙයන්.... ජිනේ වාඩි වුනේ ෆයිල් එකක් අතේ තියාගෙනම...
පොඩ්ඩක් හිටපන් මම උඹට බොන්න මොනවහරි හදන්නම්.....
එපා එපා බං මට මුකුත් එපා... මම මෙහෙට මේ විදිහට එන්න බලාපොරොත්තු උනේ නැහැ...ඒත් මොනවා කරන්නද ? ජීවිතේ ඔහොම තමයි.....ජිනේ කියාගෙන කියාගෙන ගියා.....
එකපාරටම කුස්සියෙ ඉදන් ආපු රවීණා ට්‍රේ එකක තියලා තේකක් එක්ක කේක් , බිස්කට් එහෙම ගෙනත් තිබ්බා....
ආහ්... රවීණා .... ඔයත් ආපු එක හොදයි.....ජිනේ බිම බලාගෙනම කිව්වා....
මේකට සයින් කරන්න.....ජිනේ ෆයිල් එක ඇතුලෙ තිබ්බ ඩොකියුමන්ට් එකක් අරගෙන රවීණා දිහාවට දික් කලා...රවීණා ඒ ඩොකියුමන්ට් එකත් අරගෙනම සෝෆා එක උඩට වැටුනේ නොදැනිමයි කියලා මට තේරුනා...
රවීණා හෙමින් හෙමින් ඩොකියුමන්ට් එක කියවද්දි මම එතනින් හෙමිහිට ලිස්සලා ගියා...
ගිහිල්ලා ටික වෙලාවක් යද්දි මම රවීණගෙ එහාපැත්තෙ පුටුවෙන් වාඩි උනා...
මෙතනින් සයින් එක දාන්න.... ජිනේ රවීණට කිව්වා ..
රවීණා ඇස් දෙකේ කදුලු පුරෝගෙන ඒ ඩොකියුමන්ට් එකට සයින් කලා....
රවීණාගෙන් පස්සෙ ජිනේ හැරුනෙ මගේ පැත්තට.... මචං මේකට සයින් එකක් දාපං ජිනේ මට කිව්වා....
මම ජිනේගෙ අතින් ඒ ඩොකියුමන්ට් එක අරගෙන සයින් කරලා ජිනේට නොදී ජිනේටයි රවීණටයි දෙන්නටම පේන විදිහට ඇල්ලුවා... ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා... එක පාරටම ජිනෙයි රවීණයි ගල්ගැහිලා බලන් හිටියා ... මම ඩොකියුමන්ට් එක දෙකට ඉරලා දැම්මා.... රවීණගෙ ඇස් වලින් කදුලු කැට කඩාගෙන හැලෙද්දි මම හෙමින් කාමරේට ගිහින් අරගෙන ආපු රවීණගෙ ඩයරි එක රවීණගෙ උකුලට දැම්මා....
තත්පර දෙක තුනක් මගෙ දිහා බලන් හිටපු රවීණා අඩාගෙනම මාව බදාගත්තා...
හර්ශ ...... මං ඔයාට ආදරෙයි හර්ශ ... මම ඔයාට ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙයි.....
රවීණා ඉකි ගගහා අඩන්න ගත්තා....
මම හෙමිහිට රවීණගෙ ඔලුව අතගෑවා.....
රවීණා........ මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ රත්තරන් .... මමත් අන්තිමට එයා බලාපොරොත්තු වුන දේම කිව්වා....
හර්ශ .... උඹ නම් හැදෙන එකෙක් නෙවෙයි..... අපි දිහා බලාගෙන හිටපු ජිනේ කිව්වෙ හිනාවෙවී......
වසර පහකට පසු....
හරි සර්... මේ ආටිකල් එක වෙනුවෙන් අපි සර්ගෙන් අහන අන්තිම ප්‍රශ්නෙ.....
සර් ගෙ ජීවිතේ සාර්ථකත්වය පිටිපස්සෙ ඉන්නෙ කවුද ?
ම්ම්.... හැමෝගෙම ජීවිතවල වගේ මගේ ජීවිතේත් ඉන්නේ කාන්තාවන්ම තමයි... හැබැයි මදි නොකියන්න දෙන්නෙක්ම ඉන්නවා...
මුලින්ම මගේ ආදරණීය බිරිඳ ... රවීණා ... ඒ වගේම අනිත් කෙනා මගේ හුරතලී...ශෝභා .... මගෙ දුව......
*****
රවීණා ඇත්තටම ඔයා කියනකන් මම දන්නෙ නැහැ.... නොදැන උනත් අපි දෙන්නම හිටපු ක්ලාස් එක දැන් ප්‍රී ස්කූල් එකක් කරලා කියලා.........
එතන ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට හදලා තියෙන්නෙ... ඒකයි මම අපේ ශෝභාවත් එතන්ටම දැම්මෙ......
ඒක නෙවෙයි රවීණා මං ඔයාගෙන් දෙයක් අහන්නද ? මේ මන් මේ දේ ගැන ඔයාගෙන් අහන ම අන්තිම සැරේ මොකද ඔයා හැමවෙලාවෙම මේ ප්‍රශ්නෙ මගඇරියා..........මම සීරියස් විදිහට කියද්දි රවීණා මගෙ දිහා බැලුවෙ හරිම කුතුහලයකින්....
රවීණා ... ඇයි ඔයා අපේ දුවට ශෝභා කියලම නම දැම්මේ....මම එහෙම අහපුවහම එකපාර සද්දයක් නැතුව ඉස්සරහ බලාගෙන හිටපු රවීණා අන්තිමට කතා කරන්න පටන් ගත්තා.....
මම ඔයාව තේරුම්ගත්ත නිසා ....... රවීණා එහෙම කිව්වහම මම රවීණගෙ අතින් අල්ල ගත්තා....
ඒක නෙවෙයි රවීණා ... අපි බබාගෙ පේරන්ට්ස් මීටින්ග් එකට ලේට් ද ? මම රවීණගෙන් ඇහුවෙ කලින් අහපු දේට කවදාවත් නොහිතපු විදිහෙ උත්තරයක් මට ලැබුනු නිසා......
දුවගෙ පේරන්ට්ස් මීටින්ග් එකට ඇතුලට යද්දිම මට කෝල් එකක් ආවා..... රවීණට තනියම ඇතුලට යන්න කිව්ව මම කෝල් එක ආන්ස්වර් කරන්න නැවතුනා....
විනාඩි දහයකට විතර පස්සෙ එක පාරටම ෆෝන් එක කට් කරලා බලද්දි මගෙ ලගට දුවගෙන ආවෙ මගේ කෙලි පොඩ්ඩ....ශෝභා ..
තාත්තී...... මගේ චූටි කෙල්ල දුවගෙන ආවෙ තවත් පොඩි කොලු පැටියෙක් එක්ක....
පැටියො ඔයා මොකද මේ තනියම දුවගෙන ආවේ ...
තවත් යාලුවෙක් එක්කම....
මං තාත්තිව දැක්කා.....මේ ඉන්නෙ මගෙ හොදම යාලුවා .. එයාට තියෙන්නෙත් තාත්තිගෙ නමමයි.....
මගේ කෙලි පොඩ්ඩ හුරතල් විදිහට කිව්වා.....
ශා මරුනේ..... මම ඒ පොඩි කොලුපැටියගෙ ඔලුව අතගානගමන් කිව්වා.....
තාත්ති මෙයා කියනවා එයාගෙ අම්මට තියෙන්නෙත් මගෙ නමමලු.....මගේ දුව එහෙම කියද්දිම එක පාරටම මට කටහඩක් ඇහුනා.....
හර්ශූ............
ඒ හඩ මට කවදාවත් ම අමතක වෙන්නෙ නෑ.... මම ඔලුව උස්සලා බලද්දි ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි.... මාව දාලා ගිය..මගේ ආදරේ......ශෝභා......
හෙමින් හෙමින් ශෝභයි මායි අඩියෙන් අඩිය ලං වුනේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බැහැ....ශෝභා හිටියාවගේමයි.. ඒ ලස්සන ඒ වගේමයි.....
මගේ ඇස් වල නොතිබුනත්.... ශෝභා ගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනේ එයා නොදැනුවත්වම වෙන්න ඇති..... ශෝභගෙ දරුවා ගිහින් ශෝභාගෙ අතේ එල්ලුනා....
මගේ පැටියත් මගේ අතින් අල්ලගත්තා....
හර්ශ ඔයා...... ඔයා ... මෙහෙ......ශෝභගෙ ඇස් වලින් කදුලු වැටෙද්දිම ශෝභා ට ගොතගැහුනා.....
මගේ දුව ව බලන්න ආවේ......මම වචන ගලපගෙන කිව්වා........
ශෝභා ...නේද ? ශෝභා ත් වචන ගලපගත්තා...
මම හෙමින් ඔලුව වැනුවෙ කියන්න දෙයක් නැති කමට....
හර්ශ ඔයාගෙ පුතාද ? මමත් වෙන අහන්න දෙයක් නැති කමටම ඇහුවා.....
ඔව්... බාලයා....ශෝභා එහෙම කියලා ඔලුව වැනුවෙ කදුලු බේරි බේරි.....
ඔයා ගොඩක් ලොකු තැනකට ගිහින් .....ශෝභා කිව්වෙ කදුලු පුරෝගෙනම හිනා වෙවී....
ඒත් එක්කම මට කෝල් එකක් ආවේ මගෙ රවීණගෙන්.......
හෙලෝ.....ඔව් ඔව් ....ශෝභා මාත් එක්ක ඉන්නවා........හරි ඒයි හරි මං එක්කන් එන්නම්......මම ෆෝන් එක කට් කරලා මගේ චූටි දූ දිහා බැලුවා...
අන්න ටීච ඔයාව හොයනවලු.... මම චූටි දූගේ ඔලුව අතගාන ගමන් කිව්වා...
හර්ශ..... මට සමාවෙන්න..... ශෝභා හෙමිහිට ගොත ගහලා කිව්වෙ ආපහු කදුලු බේරන ගමන්....
මගේ දූව වඩාගත්තු මම ශෝභව පහු කරලා අඩි දෙක තුනක් ඉස්සරහට අඩිය තිබ්බා....ආපහු ශෝභා දිහාට හැරුන මම ශෝභා දිහා බලලා හිනාවුනේ මම යනවා කියලා කියන්න.....
"මම ඔයාට සමාව දීලා ගොඩක් කල්......." මම හෙමිහිට කිව්වා....
කදුලු කැට එක දිගට කඩාගෙන වැටෙද්දි ... ශෝභා හෙමිහිට ඇස් දෙක වහගත්තා......
..සමාප්‍තයි..
හර්ෂණ සිංහබාහු...
* මෙහි එන කතාව නම් ගම් චරිත සියල්ල මනංකල්පිත වේ....
* කතෘ ගේ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න...
Comments
Post a Comment