Destiny Ep1

 Destiny - Short Story

දෛවය - කෙටිකතාව

පළමු දිගහැරුම





කූල් මචන් කූල්.... දැන් මොනව කරන්නද බං.. ගිය දේ ගියා... ආයෙත් ඒ කන්ට්‍රැක්ට් එක නම් අපිට ලැබෙන්නෙ නැහැ.....


මගුලක් කතා කරන්නෙ නැතුව මට යන්න දියන් බං....


කොහේ ගියත් පරිස්සමෙන් පලයං පුතා....දුනී නැත්තම් තනිකඩ වෙයි.... දේවින්ද අන්තිමට හිනාවෙලා මට එහෙම කිව්වෙ මාව කොහොමහරි රිලැක්ස් කරන්න පුලුවන් වෙයි කියලා.....


ඒත්......රිලැක්ස් එකේ ඉන්න තරම් මූඩ් එකකින් නෙවෙයි මම හිටියෙ..... මාස ගානක ට්‍රයි එකක් වේස්ට් වෙලා ගියා.... අපරාදේ........ මේ කන්ට්‍රැක්ට් එක ලැබුනනම් අපිට ලොකු තැනකට එන්න තිබ්බා.... ශිට්........මම තනියෙම රූෆ්ටොප් එකට වෙලා කල්පනා කලේ මොනවද මට වැරදුනේ කියලා......

ගොඩක් වෙලාවට මම මෙතන්ට එන්නෙ... හොරෙන් සිගරට් එකක් බොන්න... ලොකු ස්ට්‍රෙස් එකක් දැනුනම මම මෙතන්ට වෙලා සිගර්ට් එකක් බොන බව දැනගෙන හිටියේ දේවින්දයි දුනීයි විතරයි......

මේ රූෆ්ටොප් එක උඩ ඉන්නකොට මට පේන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වල තියෙන එපා කරපු රේස් එක... එකකට එකක් ඉස්සර වෙන්න දගලන වාහන.... ආත්මාතකාමී විදිහට හැසිරෙන මිනිස්සු..... අපිත් ඒ ජීවිතේම කොටසක් කියලා මතක් වෙද්දි සමහර වෙලාවට පොඩි අප්‍රසන්න ගතියක් දැනුනත් ඒක ලෝක ස්වභාවය කියලා හිතලා හිත හදාගන්නෙ හිතට පොඩි සහනයක් ඕන වෙන නිසා.....


අහී........අභී අර දේවින්ද කියන්නෙ ඇත්තමද? දුනී ආවෙ කන්ට්‍රැක්ට් එක ගැන ආරංචිවෙලා ......


ඔව් .... ඒක අපිට ලැබුනෙ නෑ...... මිනිස්සු එහෙ මෙහෙ දුවන පාර දිහා බලාගෙනම මම කිව්වෙ හිතේ තියෙන කලකිරීමත් එක්ක.....


හයියෝ හැමදේම ඉවරයි....... කොන්ඩෙ අස්සට අත දාලා ඔලුව අල්ලගෙන මගේ ලගට ආපු දුනී මගේ සිගරට් එක ඇදලා ගත්තෙ හරිම වේගෙකින්.....අවුරුදු ගානක් යූ එස් ඒ වල හිටපු එයාට සිගරට් බොන එක නතින්ග්....

සිගරට් එක දෙපාරක් ඇද්ද දුනී ඒක මට දික් කලේ දුම් වලල්ලක් පිට කරන ගමන්........

සිගරට් එක දුනීගෙන් අරගෙන මාත් උගුරක් ඇදලා බිමට දාලා පොඩිපට්ටම් කලේ හැමදේම වෙන්නෙ හොදට කියලා පොඩි මෙන්ටල් බ්‍රයිබරි එකක් මටම දීගන්න ගමන්.......


දුනී එහෙනම් වැඩ පටන් ගමු නේද ? ලන්ච් ටයිම් එකත් ඉවරයිනේ..... ඈතින් ඈතට පේන බිල්ඩින්ග් ටික දිහාබලාගෙනම මම කිව්වෙ දුනීට ආපහු මෝටිවේශන් එකක් දෙන්න ඕන නිසා....


ඈත ක්ශිතිජයේ කොහේද මන්දා කොනක් බලන් හිටපු දුනී මගේ පැත්තට හැරුනෙ මාවාගත්තු බොරු හිනාවක් මූනේ මවාගෙන....


මේ අහනවා අභී.... තමුන් වෙනුවෙන් මං මේ තරම් නැහීගෙන වැඩ කරලා , මගේ ඩැඩීටත් කියලා මේ කන්ට්‍රැක්ට් එක කොහොමහරි තමුන්ගෙ කම්පැනි එකට අරන් ආවේ තමුන් දියුණුව ගැන හිතන මිනිහෙක් කියලා හිතලා...ඒත් මං වැරදී තමුසෙ කිසිම වැඩකට නැති එකෙක්.......දුනී මට බැනගෙන ගියෙ පුදුම විදිහෙ තරහකින්.....


දුනී ..ඇත්තටම ..... මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැහැ..... මම හෙමිහිට කිව්වෙ දුනීගෙ හිතේ අමාරුව සාධාරණයි කියලා හිතපු නිසා......


ආහ්.... ඇත්තද.....මිස්ටර් අභීත ගජසිංහ..... තමුසෙට ලොකු උනේ කන්ට්‍රැක්ට් එක නෙවෙයි ... තමුසෙට නැති වුනේ හැමදේම...... තමුසෙ හිතාගන්නවා ..... තමුසෙට මාවත් නැති උනා කියලා.....දුනී කිව්වේ ඇස් දෙකෙන් ගින්දර පිට කරන ගමන්....


දුනී ... ඔයා මොනවද ලමයො මේ කියවන්නෙ.....අපිට නැති උනේ එකම එක කන්ට්‍රැක්ට් එකක් විතරයි.... අපිට අපේ කම්පැනි එක නැති උනේ නැහැනේ.... ඔන්න අපි ඒක සයින් කලා නම් තමයි අවුරුදු දෙකකට අපි හිරවෙන්නෙ.....දුනීගෙ අත් දෙකෙන් අල්ලගන්න ගමන් මම කිව්වා.....


එක පාර මගේ අත්දෙක ගසලා දාපු දුනී මාව තල්ලු කලේ මම කවදාවත් නොහිතපු විදිහට.....ඒ තල්ලුවත් එක්ක මගේ කන්ට්‍රෝල් එක නැති වෙලා එක පාරටම මාව බිමට ඇදගෙන වැටුනා... ඒ වෙලාවෙ මට මං ගැනම හිනා ගියේ මම වැටුන විදිහට.....


ඒත් ඒ ගැන කිසිම තැකීමක් නොකරපු දුනී මගේ දිහා බැලුවෙ හතුරෙක් දිහා බලනවා වගේ.......


"අදින් පස්සෙ තමුසෙගෙයි මගෙයි අතර කිසිම ගණුදෙනුවක් නැහැ....." දුනී කතාකරන්න පටන් ගත්තෙ කිසිම අනුකම්වක් නැතුව............


"කිසිම බැදීමකුත් නැහැ.....තමුසෙගෙ මල්ලිට මේ කන්ට්‍රැක්ට් එක අරන් ගියා නම් තමුසෙට වඩා ලොකු කමිශන් එකක් මට ගන්න තිබුනා.....ඒත් ආදරේ කියලා කෙහෙල්මලක් මගේ ඔලුවෙ වැඩ කරපු නිසා මම මේක තමුසෙටම අරන් ආවා....මට ආදරේ කියන බම්බුවට වඩා සල්ලි වැදගත්......"


***


දුනී කියන්නෙ සල්ලි මත්තෙම නැහෙන කෙල්ලක් කියලා දැනගෙන හිටියට මම එයාට ආදරේ කලේ ඒ ගැන තුට්ටුවකටවත් මායිම් නොකර.... මොකද සල්ලි කියන්නෙ මට ජීවිතේ නොවන නිසා..... සල්ලි වලට වඩා මම හැම වෙලාවෙම ආස කලේ හිතේ සතුටට .... සමහරවිට ..... මට වරදින්න ඇත්තෙත් එතනම තමයි.....


ගජසිංහ ගෘප් එකේ චෙයාර්මන් ..... ලයනල් ගජසිංහගෙ ලොකු පුතා මම උනාට මට තිබ්බෙ එසේ මෙසේ අවාසනාවක් නම් නෙවෙයි....මොකද ?

මගේ තාත්තා මාව දකිනකොටත් මට වයිර කරනවා....ඒ තාත්තාගෙ ලොකුම අත්වැරැද්ද මම උන නිසා....


මගෙ තාත්තා කියන මහ ලොකු සල්ලිකාරයා මගේ අම්මට දහසකුත් බලාපොරොත්තු දීලා වෙන කෙනෙක් කසාද බදිනකොට මාව හම්බවෙන්න මගෙ අම්මා ඉස්පිරිතාලෙ ..... අම්මා මාව ඒ සල්ලිකාරයා ලගට ගෙනත්දාලා හොරෙන්ම වහබීලා මැරුනේ අම්මාගෙ හිතේ තිබ්බ අසරණකමකට වෙන්න ඇති.....


ඒ ගෙදර ඉන්න හැම විනාඩියකම මම ඒ සල්ලිකාර මනුස්සයට වයිර කලා... මගේ අම්මව මතක් වෙන වාරයක් පාසා මම හිතෙන් විදෙව්වා....


තාත්තගෙ කසාද බිරිඳ ගෙ දරුවො....ඒ කියන්නෙ එයා කියන විදිහට එයාගෙ නියම දරුවො රාජ කුමාරයෝ වගේ හැදෙනකොට එයාගෙ ජන්මයක් නැති දරුවා ඒ කියන්නෙ මම හැදුනේ ගොඩක් දුක්විදගෙන.....


අලුත් අවුරුද්දකට වත් එයාලා මට පවුලේ මේසෙට අඩගහලා නැහැ....ඒ ගෙදර මට හැමදේකටම හිටියෙ කුසුමෙ අම්මා විතරයි....කුසම් අම්මා කියන්නෙ තාත්තගෙ දෙවනි අක්කා.... එයා කසාද බැදලා හිටියෙ නැහැ..... තාත්තගෙ වයිෆ්ගෙ තාලෙට යන නියම දරුවො මට කරන අඩන්තේට්ටම් දැකලම කුසුම් අම්මට කලකිරුනා...


ඉතින් එයා දේපළ වල එයාට අයිති කොටස මට ලිව්වා... තාත්තගෙ ලොකු අක්කගෙ කොටස් පවා කුසුමෙ අම්මට ලියලා තිබ්බ නිසා අන්තිමේදි හැම දේපලකම සීයට පනහක අයිතියක් මට ලැබුනෙ කවදාවත් නොහිතපු විදිහට....තාත්තාට ඒ ගැන අදටත් තියෙන්නෙ ... නොසන්සිදෙන වයිරයක්....ඔයතරම් ගොඩගහන්නෙ මොකටද නේ? අනේ මන්දා


කුසුම් අම්මා එයාගෙ ලොකු අක්කා බලන්න ඕස්ට්‍රේලියා ගියා... ඒ කියන්නෙ මගේ ලොකු අම්මාව.....ඉතින් අනිද්දා හවසට මම එයාර්පෝට් යන්න ඕන.... මගේ කුසුම් අම්මා මාස අටකට පස්සෙ එනවා...එයාව එක්කන් එන්න...

........................................

දේවින්ද මම එහෙනම් පිටත්වෙනවා.... අනිත් චෙක්ස් දෙකට මම සයින් එක දාලා ඇති....උඹ බලලා මොකක් හරි කරපන්....... දේවින්ද ට මම කිව්වෙ චෙක් බුක් එක දෙන ගමන්....


උඹ කොහෙද යන්නෙ.... දේවින්ද මගෙන් ඇහුවෙ මම මෙහෙම යන කතාවක් මිනිහට කියලා තිබ්බෙ නැති නිසා....


කුසුම් අම්ම අද එනවනේ... මම එයාර්පෝට් යනවා.....


ආහ්.... හරි... එහෙනම්.... කුසුම් ආන්ටිව මතක් කලා කියන්න.......


ඕකේ..........මම හිනාවක් දාලා ඔෆිස් එකෙන් එලියට ආවා......දේවින්දයා තමයි මගෙ හොදම යාලුවා..දේවින්දයව මට හම්බවුනේ ඒලෙවල් වලදි.... ගොනා පසුපස එන කරත්ත රෝදේ වගේ මම කොහෙද මූ එතන ... මූ කොහෙද මම එතන...... ඉතින් උගෙයි මගෙයි අතර කිසි රහසක් තිබ්බෙ නැහැ......


හයියෝ....මොන බම්බුවක්ද මේ .... මේ ට්‍රැෆික් එක නම් එපාම වෙනවා..... හයි වේ එකට වාහනේ දාගන්නකම් මම ආවේ පුදුම කේන්තියකින්.....


මම මග එනකොටම කුසුම් අම්මා කෝල් කරලා කිව්වෙ ෆ්ලයිට් එක ලෑන්ඩ් කලා එයා දැන් ඇවිත් ඉන්නෙ කියලා.......කොහොමින් කොහොමහරි පැය දෙකක් විතර එක දිගට ඩ්‍රයිව් කරන් ඇවිත් කාර් එක කෙලින්ම නැවැත්තුවෙ අරයිවල් එක ඉස්සරහින්....


මම කාර් එකෙන් බහිනවත් එක්කම එක පාරටම මගෙ කාර් එකේ පිටිපස්සෙ ඩෝ එක ඇරපු ගර්ල් කෙනෙක් හෙන ඉක්මන්ට එයාගෙ බෑග් ටික මගේ කාර් එක ඇතුලට දැම්මෙ මට හිතන්නවත් කාලයක් නොතියා......

කොණ්ඩෙ ක්‍රේල් ... කණ්නාඩිදාපු ගර්ල් කෙනෙක්.......


ඒයි ඒයි මොනවද ඔය කරන්නේ ?

මුකුත් හිතාගන්න බැරුව ගිය මම අහනකොටත් එයා බෑග් දෙකක්ම පටවලා ඉවරයි....


ඉක්මන්ට යමු....මට ගොඩක් ලේට්.... වෙනදට ගේ ලගට මෙතන ඉදන් තුන්දාස් හත්සීයක් ගන්නවා...මම ඔයාට වැඩිපුර තුන්සීයක් දෙන්නම්....ඉක්මන්ට යමු.....මේ කෙල්ල කියවගෙන ගියෙ නිකන් මැශිමක් වගේ...


හේයි එක්ස්කියුස් මී....ඔයා මොනවද මේ කියන්නෙ......


මේ අහන්න...හාරදාහකට වඩා සතයක් වත් දෙන්නෙ නැහැ... ඒක තමයි අන්තිම ගාන.... මේ කෙල්ල ආපහු කිව්වෙ ක්ණ්නාඩියත් හදාගෙන මං දිහා කෙලින්ම බලන ගමන්.....


මේ අහන්න මිස්..... ඔයාට ලොකු වැරදීමක් වෙලා...මම ඔයාට හාරදාහක් ගැන නෙවෙයි කියන්නෙ.....මම කියද්දිම මේ කෙල්ල මැද්දෙන් පැන්නා...


ඒ කියන්නෙ ඔයා තුන්දාස් හත්සීයට යන්න කැමතියි ද ? මේ කෙල්ල මගෙන් ඇහුවෙ ලොකු හිනාවක් මවාගෙන.....


මේ අහන්න මිස් ....ප්ලීස් මැද්දෙන් පනින්නෙ නැතුව අහන්න..... මම එහෙම කිව්වෙ මේ කෙල්ල හැමතිස්සෙම මැදින් පනින්න වගේ බලාගෙන හිටපු නිසා....


මේකයි මිස්...මම ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි...මම ආවෙ මගෙ අම්මව එක්කන් යන්න..... මම ඒක කිව්ව විතරයි මේ කෙල්ල ඔලුවෙ අතගහගත්තෙ ලැජාවට කියලයි මට හිතුනෙ....


ඉතින් ඒක කලින් කියන්න එපයි මනුස්සයො....කවුද දන්නෙ. මට දිවැස් තියෙනවද ? ශිට් තවත් පරක්කු වෙනවා.... මෙන්න මෙයා එකපාරටම මගෙ ඇගට කඩාගෙන පැන්නා.....


හරි හරි මම සොරි කියන්න ඕන නැහැ.... මම ඔයාට සමාව දුන්නා....මේ අන්න ඉස්සරහට කැබ් එකක් ආවා...ඔයා මේ බඩු ටික බාන්නකො මම ගිහින් ඒක නවත්තගන්නම්...... එහෙම කියපු මේ කෙල්ල මගෙ අතට තට්ටුවක් දාලා ඉස්සරහට දිව්වෙ මම හා කියන්නත් කලින්....


මොන මලහොන්තුවක්ද මේ.......එහෙම හිතපු මම ඒ කෙල්ලගෙ බෑග් දෙක මගේ වාහනෙන් එලියට ගත්තෙ වෙන කරන්න දෙයක් නැති කමට.....


කෝ ඕක මෙහාට ගේන්න ...මේකෙ යන්න පුලුවන් මට..... ඈතින් හිටපු මේ කෙල්ල මහහයියෙන් කෑ ගහගෙන මගේ පැත්තට ආවා....ඇවිල්ලා බෑග් දෙකම මගෙ අතින් ගත්තෙ හරි ලස්සන හිනාවකුත් එක්ක......


හිනාවෙන්නෙ මටද ? මම එහෙම ඇහුවෙ ඒ කෙල්ලග්ගෙ හිනාව තේරුම්ගන්න බැරිම තැන....


නැහැ ඔයාට නෙවෙයි.... ඒ මනුස්සයා තුන්දාස් පන්සීයට යන්න කැමති වුනා......ටිකක් වයසක පොරක්.....මේ කෙල්ල එහෙම කිව්වෙ රහසින් වගේ....


මට හිනා ගියේ මේ කෙල්ල ඒක කියපු විදිහට....හෙන වීර කමක් කලා වගේ කිව්වෙ.....


එහෙනම් මං ගියා.....මට හිනාවක් දාලා එහෙම කියපු මේ අමුතු මල හොන්තුව ඒ කැබ් එක ලගට ගිහින් බඩු ටික පටවලා මගේ පැත්තට හැරිලා අතවැනුවා......


හිනාවෙලා මාත් අතවැනුවේ ඉබේටම වගේ......


ඒත් එක්කම වාහනේට නැගපු එයා දිහා බලන් ඉන්නකොට පිටිපස්සෙන් කවුදෝ ඇවිත් මගේ පිටට අත තිබ්බා.....

මම එකපාරටම හැරිලා බලනකොට ඒ හිටියෙ වෙනකවුරුවත් නෙවෙයි......ඒ මගේ කුසුම් අම්මා.....


අම්මේ.....කියලා මම කුසුම් අම්මව බදාගත්තෙ මගේ හිතේ තිබ්බ සතුට වැඩිකමට......


කුසුම් අම්මා එහෙ ගිහිල්ලා හරි ලස්සන වෙලානෙ.... කසාද බදින්න පුලුවන් ..... මම එහෙම කිව්වෙ වාහනේ හයි වේ එකට දාන ගමන්.....


අනේ යන්න ලොකූ යන්න විහිලු කරන්නෙ නැතුව.....


විහිලු නෙවෙයි අම්මෙ කියන්නෙ... ඇත්තමයි......


මම කෙසේවෙතත් දැන් ඔයා කසාද බදින වයස ලොකු හරිද ? අම්මා මගේ දිහා බැලුවෙ හිනාවෙවි....


මට දුනී ගැන ආරංචි උනා ලොකූ.... ඔයා දුක් වෙන්න එපා... ඔයාට හොද කෙනෙක් ලැබෙයි.....කුසුම් අම්මා එහෙම කිව්වෙ මගේ අතින් අල්ලගෙන...


මම ඒ ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැහැ අම්මෙ.... මොකද දුනී ඉතින් තව මාසෙකින් මගෙ පොඩි මලිගෙ වයිෆ් වෙනවනේ.... නෑනා ගැන හිතලා දුක් වෙන්නෙ කොහොමද ..... මම කිව්වෙ හිනාවක් මවාගන්න ගමන්.....


ඔයා නම් අනේ මන්දා ලොකු....දැන් දවසට සිගරට් කීයක් බොනවද ? කුසුම් අම්මා ඒක ඇහුවෙ හෙන තර්ජනාත්මක විදිහට....


මම සිගර්ට් බොන එක මාස හයකට කලින් නැවැත්තුවා ...... මම ඒක කිව්වහම කුසුම් අම්මා මගෙ දිහා බැලුවෙ හරි අමුතු විදිහට.....


ලොකූ.... අම්මටත් බොරු කියනවා වගේ දැන්....


අම්මා ඔය කැබි එක ඇරලා බලන්නකො.. වෙනදට තියෙන දේවල් ඕකේ තියෙනවද කියලා....මම එහෙම කිව්වෙ වෙනදට ඒකෙ අනිවාරෙන් සිගරට් පැකට් එකක් තිබුනත් මාස හයකට කලින් මම සිගරට් බොන එක සම්පූර්ණයෙන් නවත්තලා දාපු නිසා.....


කුසුම් අම්මව ගෙදරට එක්කන් යද්දි හවස් උනා.... කුසුම් අම්මට ගෙදර අයත් එක්ක ඉන්න දීලා මම මගේ කාමරේට ඇවිත් වොශ් එකක් එහෙම දාලා නිදාගන්න ආවේ එදා දවස ඩ්‍රයිව් කරලා එපා වෙලා තිබ්බ නිසා.....


ඊට පහුවදා උදේම මම සාලෙට ආවේ ඔෆිස් එකට ගිහින් ආවෙ රෑ හතට විතර ... මම ගේ ඇතුලට එද්දි සෝෆා එකේ ගර්ල් කෙනෙක් වාඩිවෙලා හිටියා....මගේ සපත්තුවෙ සද්දෙට එක පාරටම ඒ ගර්ල් මගෙ පැත්තට හැරුනා.....


ඔයා.....අපි දෙන්නටම කියවුනේ එකට... ඒ හිටියේ මට ඊයෙ එයාර්පෝට් එකෙදි හම්බවුන අර මල හොන්තුව.....

එක පාරම සෝෆා එකෙන් නැගිටපු ඒ ගර්ල් මගේ දිහාවට ආවේ මූණ යකා කරගෙන.....


තමුන් මොන ජාතියෙ පිරිමියෙක්ද ? එක පාරක් හම්බවුන කෙල්ලෙක් පස්සෙන් මේ තරම් දුරක් ආවේ.....මේ කෙල්ල කටර් එකක් වගේ කියෝගෙන ගියේ මට වචනයක් වත් කතා කරගන්න චාන්ස් එකක් නොදී.....මගේ හොද හෝ නරක වෙලාවට එතන ගෙදර කවුරුත් හිටියෙ නැහැ....


මම...මම ඔහේව හොයාගෙන ආවෙ නෑ.... මම කොහොමහරි ඉක්මනින් වචන දෙක තුනක් ගලපගත්තා....


කණ්නාඩිය හදාගත්තු මේ කෙල්ල මගෙ දිහාට අඩියක් තිබ්බෙ හෙන නපුරු විදිහට.....

එහෙනම් මේ ඇවිත් ඉන්නෙ මේ තමුන්ගෙ ගේ කියලා හිතාගෙනද ? ඒ අහපු එකට නම් මට ඇත්තටම හිනා ගියා......


අභී ... ඔයාලා අදුරනවද ? එක පාරටම ට්‍රේ එකක් අතේ තියාගෙන කුස්සියෙ ඉදන් ආපු කුසුම් අම්මා ඇහුවෙ මායි අර කෙල්ලයි කතා කරනවා දැකලා ....


ඒක අහපු අර කෙල්ල එක පාරටම කුසුම් අම්මා දිහා බැලුවෙ හරි පුදුමෙන් වගේ.....


නැහැ.....නැහැ.....මේ දැනුයි හම්බවුනේ ...මාව මෙතන තව පොඩ්ඩෙන් ලිස්සනවා....ඉතින් ඒක දැකලා මෙයා නැගිට්ටා.....මම ඉක්මන්ට බොරුවක් ගොතලා කිව්වෙ ඊයෙ සිද්දිය කිව්වොත් නොන්ඩි වෙයි කියලා හිතලා.....


ඒ බොරුව අහන් හිටපු අර කෙල්ලත් ඉක්මනින් ඔලුව වැනුවෙ බොරු හිනාවක් මවාගෙන ....... කුසුම් අම්මට බොරු කිව්වහම ටක්ගාලා නෝන්ඩි වෙනවා....මේකත් එහෙමවෙයිද දන්නෙ නැහැ කියලා හිත හිතම මම හැරුනේ කාමරේට යන්න...


අභී......කුසුම් අම්මා ආපහු මට කතා කලා.....


ඔව් කුසුම් අම්මෙ....මම හෙමිහිට ඒ පැත්ත හැරුනෙ වැඩෙ නෝන්ඩිද මන්දා කියලා හිත හිත.....


ඔයත් මෙහෙන් වාඩිවෙන්න මේ ලමයා ඇවිත් තියෙන්නෙ අපිව අදුනගන්න.....එහෙම කිව්වහම කිසි කතාවක් නැතුව මම පුටුවකින් වාඩි වුනේ මේකි කොහොම මෙහෙට පාත් වුනාද කියන එක කල්පනා කරන ගමන්


මේ කෙල්ලත් හොර පූසි වගේ වාඩිවෙලා බිම බලාගෙන හිටියෙ කරගන්න දෙයක් නැතුව.....


අභී මේ ඉන්නෙ ගෞරි .... අපේ අල්ලපු ගෙදරට අලුතින් ආපු චාන්දනීගෙ.... දුව......


කුසුම් අම්මා කිවුවහම මම හෙමිහිට ඔලුව වනලා හිනාවක් දැම්මෙ කියන්න දෙයක් කටට ආවෙ නැති නිසා....හැබැයි මේකිගෙ නම නම් ඝන බලලා හරියටම දාලා හරියටම දාලා තියෙනවා...ගෞරි නෙවෙයි මේකි ගෝරි.....එහෙම හිතිලා මට තනියම හිනා ගියා.....


අභී....මොකද දරුවො මේ තනියම හිනාවෙන්නෙ.....කුසුම් අම්මා අහපු පාර මගෙ දෙලෝරත් වුනා.....


අර කෙල්ලත් තේක බිබී කින්ඩියට වගේ හිනාවුනේ බිම බලාගෙන.....

නැහැ නැහැ....අම්මෙ....මේ.. ඔෆිස් එකේ දෙයක්....හිනාවක් දාලා කතාව මගැරගත්තෙ හෙන ගේමක් දීලා.....

හරි අම්මෙ එහෙනම් මම උඩට ගිහින් ෆ්‍රෙශ් වෙන්න යනවා.....පස්සෙ කතාකරමු ... ගෝරිටත් හිනාවක් දාලා මම නැගිටලා කාමරේට ගියෙ චාන්දනී ආන්ටිට මේ වගේ මොන්ගල් කේස් එකක් ඉන්නවද කියලා හිත හිත......


නාගන්න කලින් ගේ ඇතුලෙම තිබ්බ මැශින් ටික ගාවට ගියෙ එක්සසයිස් ටිකක් කරන්න ... මොකද ගොඩ කාලෙකින් ජිම් එක පැත්ත පලාතෙවත් යන්න බැරි උන නිසා.....


හෙමින් හෙමින් ගිහින් විනාඩි හතලිස් පහක් විතර එක්සසයිස් කරද්දි එතන්ට ආවෙ පොඩි මල්ලි ශනුක.... ඌ තනියෙන් ආව නම් කමක් නැහැ....දුනීත් ඌත් එක්ක ආවේ මම එතන ඉන්නවා කියලා නොදැන.......මාව දැක්කහම හැරිලා යන්න නෝන්ඩි නිසා දෙන්නම ඇතුලට ආවා...


අයියේ ඔයා ගොඩක් වෙලාද ඇවිල්ලා..... මල්ලි මුලින්ම කතාවට මුලපිරුවා.....


විනාඩි හතලිස් පහක් විතර වෙනවා....මමත් හිනාවෙලා කිව්වා ......


සද්ද නැතුව මල්ලි වෝම් අප් කරන්න පටන් ගත්තෙ මං ඉන්න තැන දුනී එක්ක කතා කරන්න මොකද්ද වගේ හිතලා වෙන්න ඇති.....


ඉතින් මල්ලි වෙඩින්ග් එකට ඔක්කොම රෙඩි ද දැන්......මම එහෙම ඇහුවහම මල්ලි එක පාරටම මං දිහා බැලුවෙ හෙන පුදුමෙන්.....

මොකෝ බං පුදුමෙන් වගේ බලන්නෙ..... මම ඇහුවහම මල්ලි ගොතගහන්න ගත්තා....


නෑ...නෑ.. අයියේ එහෙම දෙයක් නැහැ.....ගොඩක් දේවල් රෙඩි.......මල්ලි කොහොමහරි වචන ගලපගත්තා.....


මම මගේ වැඩේ කරලා ඉවර වෙලා හෙමින් සැරේ මැශින් එකෙන් බැහැලා රූම් එකෙන් එලියට යන්න ගිහින් ආපහු මල්ලි දිහාවට හැරුනා......


මල්ලි.....


ඔව් අයියේ.......මල්ලි ආපහු මගෙ දිහාට හැරුනා...


ඔයාලට බාලි යන්න මම ඔක්කොම රෙඩි කලා.. සති දෙකක විතර ෆුල් පැකේජ් එකක්..... හනිමූන් එකට ගිහින් එන්න......මම ඩොකියුමන්ට්ස් ඔයාගෙ මේල් එකට එවන්නම්......මම ආපහු යන්න හැරුනා......


අයියේ....තැන්ක් යූ...... මල්ලි එහෙම කිව්වෙ හදවතින්ම වෙන්න ඇති කියලයි මට හිතුනේ....


මම ආපහු මල්ලි දිහාවට හැරුනා..... ඒ වෙලාවෙ දුනීත් හිටියෙ බිම බලාගෙන.......උඹලා පිලිගත්තත් නැතත් මම උඹලගෙ ලොකු අයියනේ..... පොඩි මල්ලිටයි නෑනා පොඩ්ඩටයි තෑග්ගක් නොදි කොහොමද .......මම කිව්වෙ හිනාවෙලා.....


තැන්ක් යූ අයියේ........දුනී මාස අටකට පස්සෙ මට කතා කලේ ජීවිතේ පලවෙනි වතාවට අයියෙ කියලා....


දෙන්නම සතුටින් ඉන්න..... මම ඒක කිව්වෙ බොක්කෙන්මයි......


**

වොශ් එකක් දාගන්න කලින් වතුර එකකුත් බිබී මගේ කාමරේ බැල්කනි එකට ආවේ හුලං ටිකක් වදින්න.....ස්වභාවික හුලගත් එක්ක ඔට්ටුවෙන්න කවදාවත් ඒසී වලට ෆෑන්ස් වලට බැහැ.....එහෙම හිතපු මම ඇස් පියාගෙන විනාඩියක් විතර ඉදලා ඇස් ඇරියෙ මූන ටිකක් පැත්තට හරෝලා....


ඇස් අරිනවත් එක්කම කටේ තිබ්බ වතුර ටික එක පාරටම විසික් උනේ මම දැකපු දේ නිසා....අන්න අර මලහොන්තුව ඩාන්ස් කරනවා.....හරියට කැපිච්ච පණුවෙක් වගේ..... මගේ බැල්කනි එකට එයාගෙ බැල්කනි එක හොදට පේනවා.....මිස්ටර් බීන් ලේඩීස් වර්ශන් එක වගේ.......මට එහෙම හිතුනෙ හරි අමුතු ස්ටෙප්ස් නිසා........හැබැයි මේ තාප්ප වලින් වටවුනු ගෙවල් වල සතුටින්ම ඉන්න කෙනා මෙයා වෙන්න ඇති..... එහෙම හිතපු මම එතනින් අයින් වෙලා ගියෙ වොශ් එකක් දාගන්න......


කොහොමින් කොහොමහරි ටික ටික කාලය නම් ගෙවිලා ගියා.....දවසක් මම වැඩට යන්න රෙඩි වෙලා පහලට ආවේ කුසුම් අම්මව හොයාගෙන.......

මල ජූලියයි... උදේ පාන්දරම මෙන්න අර මලහොන්තුව අපේ ගෙදරට සැපත් වෙලා..... මම හෙමිහිට මෙයාට හිනාවක් දාල කුසුම් අම්මට කතා කරා.....


කුසුම් අම්මෙ.... අද මුකුත් නැද්ද දවල්ට ? ගෙදර එන විදිහෙ කෑමක් වත් ...... ම්.... අද රෑට නම් එහෙම දෙයක් තියෙනවා.... ඔයා එනවා නේද ? කුසුම් අම්මා හරි අමුතු හිනාවක් දාලා ඇහුවා.....


කුසුම් අම්මා දන්නවනේ....අම්මා කතා කලොත් මම අපායට උනත් එනවා.....


එහෙනම් හරි දුව අම්මලට කියන්න ගෙදර හැමෝම නැති උනත් අභියි කුසුම් නැන්දයි එනවා කියලා....


ඈ ඒ මොකක්ද උනේ.....? මං හිතන්නෙ මම ඉල්ලගෙන කෑවේ......

කුසුම් අම්මේ ඇයි.... මේ මෙයාට ? මම ගොතගගහා ඇහුවෙ මට හිතුන දේ කන්ෆර්ම් කරගන්න.....


ආහ්.. මේ දුවලා අද ඩිනර් එකට අපිට ඉන්වයිට් කලා.... අභී දන්නවනේ...අපේ ගෙදර එහෙම දේකට යන්න ඉන්නෙ ඔයයි මායි විතරනේ.......

කුසුම් අම්මා එහෙම කිව්වෙ මගේ කම්මුල අත ගාන ගමන්....


ඒ කියන්නෙ හිතපු දේ හරි.... දැන් යමන්කො මේකිගෙ ගෙදර.....එහෙම හිතලා

කුසුම් අම්මගෙ අතින් අල්ලලා දණ ගහලා වැන්දෙ මම ඔෆිස් යන්න කියලා.....


තෙරුවන් සරණයි.....කුසුම් අම්මා මට ආශිර්වාද කලා.....එහෙනම් අම්මෙ මම ගිහින් එන්නම්...


හරි පරිස්සමෙන්.....අභි කෙලින්ම ඔෆිස් එකට නේද යන්නෙ.... කුසුම් අම්මා මගෙන් ඇහුවෙ කවදාවත් අහන කතාවක් නෙවෙයි.....


ඔව් අම්මෙ.....මම උත්තර දුන්නා....


එහෙනම් මේ ගෞරි දුවවත් නුගේගොඩින් දාගෙන යන්නකො....කුසුම් අම්මා එහෙම කිව්වහම මට හිතුනෙ දවසට කරගත්තු දෙවන ගොන්කම ඒක කියලා......


කමක් නැහැ...නැන්දෙ මම බස් එකේ යන්නම්.....ගෞරි කුසුම් අම්මට කිව්වහම මගේ හිත සතුටින් ඉපිලිලා ගියා....


අයියෝ ලැජ්ජ වෙන්න එපා ලමයො...මගේ අභී හරිම හොද ලමයෙක් ලැජ්ජ නොවී බය නොවී යන්න....කුසුම් අම්මා එහෙම කිව්වෙ ගෞරි ගෙ ඔලුව අතගාන ගමන්.....


එහෙම දෙයක් නෙවෙයි නැන්දෙ මේ....ගෞරි ඇඹරුනේ ටෝනේඩෝ එකක් වගේ...


එහෙම දෙයක් නෙවෙයි නම්... කොහොම දෙයක්ද එහෙම කියලා හිනාවුන කුසුම් අම්මා මටත් මූනෙන් ඉගි කරලා මාත් එක්කම ගෞරි වත් ඇදගෙන මගේ කාර් එක තිබ්බ තැනට ආවා.....


කුසුම් අම්මට සැනසීමක් ලැබුනේ ගෞරිව වාඩි කරවලා මම කාර් එක ස්ටාර්ට් කරාටත් පස්සෙ....


කාර් එක මහපාරට දානකම්ම ගෞරි ගෙ කටින් එක වචනයක් වත් පිට නොකර....


හොද වෙලාවට අනේ ඔයා එක්ක යන්න සෙට් උනේ.... නැත්තම් මේ ටික එන්නම හොද පන යනවා.......මෙන්න බොලේ මේකි එක පාරටම කතා කරන්න ගත්තා.....


ඈ..... ඔය කලින් තිබ්බ කටින්මද කතා කරන්නෙ....නැත්තම් කලින් යකෙක් වත් වැහිලා හිටියද ? මම එහෙම ඇහුවෙ කලින් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටපු විදිහ මතක් වෙලා......


ඔයා කියන්නෙ මාර කතානෙ ...


ඒ ඇයි....?


ඔයාම හිතන්න.... නැන්දා එහෙම කියපු වෙලාවෙ හිතින් තිබ්බ ෆන් එක එලියට දාලා මං එක පාරටම හා කිව්ව නම්.... නැන්දා මං ගැන මොනවද හිතන්නෙ.......අනිවාරෙන්ම මන් ගැන වැරදියට හිතනවා....දැන් ඉතින් එහෙම නැහැනේ.....ගෞරි ඒක කිව්වෙ ඇගට නොදැනි.......


ඔයා නම් කපටි කමේ උල්පත.....මම එහෙම කිව්වෙ ලාවට හිනාවක් දාලා.....


අනේ මේ.....යනවා හලෝ යන්න...ඒක නෙවෙයි... සොරි හරිද..... මං පුදුම උනේ මොන මගුලකටද මේ එකපාර සොරි කිව්වෙ කියලා හිතාගන්නවත් බැරුව.....


මොකටද දැං ඒ පාර සොරි...........


ඇයි අනේ........අංක එක..... ඔයාව ටැක්සිකාරයෙක් කරපු එකට.....

අංක දෙක ඔයාගැන වැරදියට හිතපු එකට ....


එහෙනම් ඔයා වැරදි දේවල් ගැනත් දන්නවා නේ ?


එදා මොනවා උනත් විලිලැජ්ජ වෙන්න ගිය එකෙන් ඔයා මාව බේරගත්තනේ..........ලිස්සලා වැටෙන්න ගිය කතාවක් කියලා.......ගෞරි කිව්වෙ හරි අහිංසක විදිහට.....


ඉතින් ඔයා කොහෙද යන්නෙ...... මම අන්තිමට ඇහුවේ පැය බාගයක් විතර කතාකර කර ඇවිත් නුගේගොඩට ලං වෙද්දි....


මං වැඩ කරන්නෙ ග්‍රේට් කියන මැගසින් එකේ..... ඔෆිස් එක තියෙන්නෙ කොහුවල පාරේ ......

ගෞරි එහෙම කියලා විනාඩි දෙකක් යද්දිම එයාව බස්සලා මම ඔෆිස් එකට යන්න පිටත් වුනා... මගෙ ඔෆිස් එක තිබ්බෙ කිරුලපනයි නුගේගොඩයි අතර......


කොහොමින් කොහොමහරි එදා හවස් වරුවෙ ගෙදර ඇවිත් කුසුම් අම්මා එක්ක ගෞරිලගෙ ගෙදරට යද්දි වෙලාව හතාමාර විතර උනා......


ගෞරි ගෙ අම්මා චාන්දනී ආන්ටියි , ගෞරියි මාරුවෙන් මාරුවට කුසුම් අම්මා එක්ක කතා කරද්දි ගෞරුගෙ තාත්තා මාත් එක්ක කතා කර කර හිටියා......ගෞරි ගෙ තාත්තා මට නිතරම කිව්වෙ අපේ තාත්තට වඩා නම් ගොඩක් වෙනස් කියලා.......මොකද තාත්තා අහලපහල අය එක්ක වැඩි සම්බන්ධයක් තිබ්බෙ නැහැ.......


අන්තිමේදි අන්කලුයි ආන්ටියි කුසුම් අම්මා එක්ක කයියට වැටෙද්දි ගෞරි මාත් එක්ක කයියට සෙට් උනා.......ඒ කයිය අන්තිමට අහවර උනේ ගෞරි මමයි හොද යාලුවො දෙන්නෙක් වෙලා.......

අන්තිමට මායි කුසුම් අම්මයි ගෙදරට එද්දි රෑ එකොලහත් පහු.....


ඊට පස්සෙ දවස් කීපයක්ම වගේ මාත් එක්ක නුගේගොඩ ගිය ගෞරි...මාස දෙකක් යද්දි හැමදාම ගියේ ආවේ මාත් එක්ක..... ඒ වෙනකොට ඒ තරම්ම අපි දෙන්න ෆිට්..... ඒත් රණ්ඩු අතිනුත් අපි දෙන්නා එක....


මල්ලිගෙ වෙඩින් එකට කලින් දවසෙ ගෞරි ට මම කතා කලේ මාත් එක්ක යමු කියලා....මොකද ගෙදර අය පවුලෙ කෙනෙක් විදිහට මාව තාමත් පිලිගන්න අදිමදි කරන නිසා......කොහොමහරි ගෞරි මගේ අදහසට එකග වුනා.... ගෞරි මාත් එක්ක යද්දි...එයාගෙ අම්මලා වෙනම ආවා.....


වෙඩින්ග් එකේ කට්ටිය ඩාන්ස් කරනකොට ගෞරිත් ගිහින් හරි ආසාවෙන් ඩාන්ස් කර කර හිටියෙ අපේ ලොකු මල්ලිත් එක්ක......ඒත් ටික වෙලාවක් යද්දි ගෞරි මගේ ලගට ආවේ මූණ ජම්බු කරගෙන......


මොකෝ මේ මූණ දෙක වෙලා...? මම ඇහුවෙ කට කොනකින් හිනාවෙන ගමන්.....


ඔයාගෙ සහෝදරයා නම් ඔයාගෙම කියන්න බැහැ......ගෞරි කිව්වෙ ලොකු මල්ලි අයේශ්ගෙ දිහා බලාගෙන.....


ඒ මොකෝ....ඒ...මම ඇහුවෙ ඒ පාර මොනවා වෙලාද.කියලා හිත හිත....


ඩාන්ස් කර කර ඉන්නකොට එකපාරටම ඒ මනුස්සයා මගෙ ඉනෙන් ඇල්ලුවා....ගෞරි එහෙම කිව්වහම මට ලොකු මල්ලි අයේශ් ගැන ඇති වුනේ පුදුම තරහක්....මොකද මිනිහා ගෑනු ලමයි එක්ක හැසිරෙන විදිහ ඒතරම් හොද නැති බව මම දැනගෙන හිටපු නිසා.....


වැරදීමක් වෙන්න ඇති....මම එහෙම කියලා ගෞරි ගෙ හිත හදන්න බැලුවට වැරදීමයි ... ඕනකමයි කියන දෙක මේ ළමයා හොදටම දන්නවා ඇති කියන දේ මගේ හිත දැනගෙන හිටියා....


වෙඩින්ග් එකේ අන්තිමට තාත්තා කතා කරඖ වෙලාවේ...එයා පුන පුනා කිව්වෙ එයාට ඉන්න එකම දරුවො දෙන්නගෙන් කෙනෙක් අද වගකීම් සහගත වෙනවා කියලා....මට ඉන්නේ මේ කොල්ලො දෙන්නා විතරයි .... එයා එහෙම කියද්දි හිතේ දුකටම මම හෝල් එකෙන් එලියට එද්දි ගෞරිත් මාත් එක්කම එලියට ආවා...

ගෞරි මගේ හිත හදන්න ලොකු ට්‍රයි එකක් දුන්නා......අන්තිමට ඒ ට්‍රයි එක නැවතුනේ ගෝල්ෆේස් එකේ වඩේ කරත්තයක් ලග.....


හොටෙල් එකේ චිකන් ඩෙවල් එකට වඩා මේක රසයි නේද අභි.......ගෞරි කිව්වෙ තඩි ඉස්සො වඩයක් කටට ඔබා ගන්න ගමන්...


රස කෙසේවෙතත් ඕක හිරකරගන්න නම් එපා....මම කිව්වෙ හිනාවෙන ගමන්.....


ටික වෙලාවක් යද්දි අපි දෙන්නම ගල් බැම්ම උඩ වාඩිවෙලා කලුවරේ උනත් මුහුදු රැල්ල දිහා බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්.....චූටි චූටි වතුර බිංදු හෙමින් හෙමින් ඇවිත් හුලගත් එක්ක මූණෙ වදිද්දි දැනුන සනීපෙට අපි දෙන්නම හුගක් ආස කලා.....


අභී ඔයා ඔය දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා......මොන ප්‍රශ්නයක් ආවත් ඔයා මට කියන්න ..... ඕනම වෙලාවක මම ඔයත් එක්ක ඉන්නවා .... කොයිතරම් රණ්ඩු කරගත්තත් ගෞරි ඔයා එක්ක ඉන්නවනේ.......ඒ ගැන හිතලා හිනාවෙන්න.....ගෞරි හෙමිහිට මට කියද්දි හිතුනෙ ගෞරි වගේ කෙනෙක් ජීවිත කාලෙම මගේ ලගින් හිටිය නම් කොයි තරම් හොදද කියලා......


ඇත්තටම ගෞරි වගේ කෙනෙක් මගේ ජීවිතේට ලැබුනොත්....මම ඒක දිගටම හිතුවා......දිගටම හිතුවා....ඊට පස්සෙ ගෞරිව දැකපු පලවෙනි දවසෙයි මම මට හිතුන දේ තේරුම... මම හිතුව දේ තේරුම.......හරියටම තේරුම්ගත්තෙ.....ඇත්තටම මම හොයන්නෙ ගෞරි වගේ කෙනෙක් නෙවෙයි.....මම හොයන්නෙ ගෞරිව.....ඔව්....මම හොයන්නෙ ගෞරිව ..... දන්නෙම නැතුව....මම ගෞරි ට ආදරේ කරනවා.....


එදයින් පස්සෙ මට ගෞරි ව පෙනුනෙ හරිම අමුතු විදිහට.... ගෞරිව දකින වාරයක් පාසා....මට දැනුනේ.....ගෞරි මගේම කියලා හැගීමක්...... සමහර වෙලාවට මම ගෞරි ත් එක්ක පාන්දර වෙනකම්ම කතාකරකර හිටියා......සමහර දවස්වලට අපි නිදාගන්නකොට පාන්දර තුනත් පහුවෙලා.....


ගෞරි ... ඔයා කැමති මොනවගේ කෙනෙක්ටද ?

දවසක් මම ගෞරිගෙන් ඇහුවෙ හිතේ තියෙන දේ කියාගන්න විදියක් නැතුව තෝසේ කඩේක කකා ඉන්නකොට....


දන්නවද අභී......මම කාට කැමති උනත්... ඒ කෙනාට පුරුශ ශක්තිය තියෙන්න ඕන.....හිතේ තියෙන දේ මලව මලව ඉන්නෙ නැතුව කියන්න......

ගෞරි එහෙම කිව්වෙ ඇගට නොදැනි තෝසේ බාගයක් කටට ඔබාගන්න ගමන්......


ඒක ඇහුවහම අම්මපා මං ගැන මටම ලැජ්ජ හිතුනා......ඒත් මං එදා හිතාගත්තෙ කොහොමහරි ඉක්මන්ට එයාගෙන අහනවමයි කියලා......


ඒ අතර තමයි මට කන්ට්‍රැක්ට් එකක වැඩකට මැලේසියා යන්න උනේ..... ගිහින් ඇවිල්ල නම් අහනවම තමයි.....එහෙම හිතපු මම කෙලින්ම ගියෙ ගෞරි ව හම්බ වෙන්න.....


ගෞරි ..... අනිද්දා මම මැලේසියා යනවා...කන්ට්‍රැක්ට් එකක වැඩකට....ඔයාට මොනවහරි ගේන්න ඕන නම් කියන්න....


මම එහෙම කිව්වහම ටිකක් වෙලා කල්පනා කරපු ගෞරි අන්තිමට වක්කඩ කැඩුවා.....අයියො අභී ගෙනනෙ මොනවද කිය කිය අහන්නෙ පොඩ්ඩක් වටපිට බලන්නකො.... මේ බලන්න...මට හරියට ෆෝන් එකක් නෑ..... හරියට බෑග් එකක් නැහැ....සෙරෙප්පු සපත්තු ඔක්කොම කැඩිලා.......

ඒත් මට ඒ කිසි දෙයක් එපා........ ගෞරි එක පාරටම එයාගෙ හඩ වෙනස් කලා.......

ඔයා ගිහින් පරිස්සමෙන් එන්න........ගෞරි ඒක කිව්වෙ හරිම ලෙංගතුකමකින්.... ඒ වෙලාවෙ හිනාවෙලා ගෞරි දිහා බලනවා ඇරෙන්න වෙන දෙයක් මම දැනගෙන හිටියෙ නැහැ .....


ඊට දවස් දෙකකට පස්සෙ මැලේසියා වලට ආපු මම එහෙ ඉදනුත් කල්පනා කලේ ගෞරි ගැනම විතරයි....හිතේ පොඩි බයකුත් තිබ්බා...ගෞරි තරහ උනොත් එහෙම.......මැලේසියා ගිහින් පලවෙනි දවස් දෙකෙ කෝල් කලාට ඊලග සතියපුරාම කන්ට්‍රැක්ට් එකේ වැඩ වලට බිසී උන නිසා ගෞරිට හරියට කෝල් එකක් වත් දෙන්න බැරි උනා....එහෙන් එන්න කලින් දවසෙ ගෞරිට හොද ෆෝන් එකකුයි තව එයා ආස චොක්ලට් වගේ දේවල් ටිකකුයි අරන් බෑග් එකට දාගත්තෙ ඩියුටි ෆ්‍රී එකෙනුත් මොනවහරි ගන්නවා කියලා හිතාගෙන...


අන්තිමේදි දවස් දහයකට පස්සෙ ඒ දවස උදා උනා.........අද මම කොහොමහරි ගෞරි ට ප්‍රපෝස් කරනවා.....උදේ පාන්දරම ලංකාවට බැහැපු මගෙ හිතේ තිබ්බෙ ඒ දේ විතරමයි.....


To Be Continued

*කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්...

*මෙහි එන කතාව නම් ගම් චරිත සියල්ල මනංකල්පිත වේ...


Comments

Popular posts from this blog

පීතෘ කෙටිකතාව l අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය

Divorce Episode 1

Divorce Episode 2