මනාළි... (කෙටි කතාව)
...මනාළි...
(කෙටි කතාව)
-අකිල මට කොහොමහරි එයාව බේරගන්න ඕන..
-මම දන්නවා අභිත ඒත් සයිකැට්රිස් කෙනෙක් හැටියට උඹත් දන්නවනෙ.. එයාට දැන පිසිකල් ට්රීට්මන්ට්ස් ඔක්කොම කරලා ඉවරයි.. දැන් තියෙන්නෙ එයාගෙ මෙන්ටල් ට්රීට්මන්ට්ස් පටන් ගන්න.... උඹට හිත හදාගෙන ඒක කරන්න බැරි නම් ඩොක්ටර් හසිනිට අපි කතා කරමු..
නැහැ අකිල... එයා මගෙ වගකීමක්.. එයාව මම ම හොද කරනවා...
.......
දවස් හයකට කලින් මම ලංකාවට ආවේ... අමතක උනා.. මම කවුද කියලා කියන්න... එයා ලෙඩ ඇදේ ඉන්නකොට මට හුස්මගන්න පවා අමතක වෙනවා.. මම අභිත.. සයිකැට්රිස් කෙනෙක්.. මම හිටියෙ කැනඩාවෙ... ඊට කලින් .. ඊට කලින් මම සාමාන්ය කොල්ලෙක්.. මට ඕන උනේ ඩොක්ටර් කෙනෙක් වෙන්න.. ඉස්සර ඉදන්ම ඒකට උත්සහ කලත් මට ලකුණු මදි උනා.. ඒත් මට සයිකැට්රිස් කෙනෙක් වෙන්න පුලුවන් උනා.. ඔහොම ඉන්න අතරෙ තමයි මට එයාව හම්බුනේ.. මගෙ ෆස්ට් ඉයර් එකෙදි.. නැනැ කැම්පස් එකේ නෙවෙයි.. මගේ යාලුවෙක් හිටියා.. යාලුවෙක් කියන්නෙ..මගෙ එක්ස් ගර්ල් කෙනෙක්ගෙ කසින්... නම නිපුන්.. නිපුන් මාත් එක්ක පොඩි බිස්නස් එකක් කලා.. අපිට තිබ්බා පොඩි යූ ටියුබ් උනක්..ඉතින් අපි චැනල් එකක් කලා...මේකෙදි තමයි එයාව හම්බුනේ... එයා තමයි නිපුන්ගෙ ගර්ල්ගෙ හොදම යාලුවා....බෝදිනී ... හැමෝම ආදරේට කිව්වෙ බෝදි කියලා...එයාට නංගිලා දෙන්නෙක්ම හිටියා මදි නොකියන්න...
බෝදි ... බෝදි හරිම දක්ශ ලමයෙක්... එයාට හොද කලා හැකියාවක් තිබ්බා... තාමත් තියෙනවා.. ඉතින් බෝදියි මමයි නිතරම වගේ කතා කරන්න ගත්තා...අපි ගොඩක් හොද යාලුවො උනා.. නෑ නෑ.. හොදම හොදම යාලුවො..
තිබ්බා තිබ්බා බෝදිට එෆයර් එකක් තිබ්බා.. හරියට ටියුබ් ලයිට් එකක් වගේ... නිවෙනව පත්තු වෙනවා.. බෝදි එයාට පන ඇරලා ආදරේ කලාට එයාට බෝදිව මදි උනා කියලයි මට හිතුනේ...
ඔව් ඒක ඇත්ත.. බෝදි ගැන අදහසක් මගේ හිතේ තිබුනා.. එයා හරිම ඕපන් මයින්ඩ්.. හරිම සැහැල්ලුවෙන් හිතන්නේ... හිනාවලා ඉන්නවා.. ඉතින් මට හිතුනා එයා මට ගැලපෙනවා කියලා...හැබැයි...එයාට ඒක කියන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.. මොකද ඔක්කොටම වඩා ඒ යාලුකම මට ඕන උනා...
හැබැයි මගේ යාලුවන්ගෙ බලපෑම නිසා මම නිකන් අහලා බැලුවා...ඉතින් අන්තිමේදි ෆ්රෙන්ඩ්ශිප් ඉස් බෙටර් දෑන් රිලේශන්ශිප්ස්.. අපි ගොඩක් හොද යාලුවො විදිහට තවත් ලන් උනා...
බෝදි එයාගෙ එක්ස් බෝයි ෆ්රෙන්ඩ්ව අපහු බාරගන්න එක කන්ඩිශන් එකක් දාලා තිබ්බා... ඒ තමයි ඔයාට මාව ඕන නම් අම්මලා එක්ක ඇවිත් මාව ඉල්ලන්න...
බෝදි උනත් බලාපොරොත්තු උනේ නැහැ මගහැර හැර හිටපු මිනිහා ආපහු එයි කියලා...ඉතින් එක දවසක ... අවුරුදු තුනකට පස්සෙ... බෝදි ලංකාවෙ ජනප්රිය ම යූ ටියුබ් ව්ලොගර් වෙලා හිටපු දවසක එක්ස් බෝයි ඇවිත් එයාගෙ ගෙදර අය එක්ක බෝදි ව මැරි කරන්න ප්රපෝස් කලා..
ඉතින් ඒ සිද්දියෙන් පස්සෙ අපිව වගේම ප්රසිද්ධිය පවා බෝදි අතෑරියා.. බෝදි අපි එක්ක තිබ්බ හැම සම්බන්ධයක් ම නවත්තලා දැම්මා..
හැමදාම උදේට "අයියේ" කියලා කතා කරන හුරතල් හඩ වගේම "ෆෝන් එක තියද්දි හදවත පසාරු කරගෙන යන "බායි" කියන වචනේ මගේ කණ් වල නිතරම දෝංකාර දුන්නා...
බෝදි අපෙන් වෙන්වෙලා අවුරුද්දකට පස්සෙ මමත් ලංකාවෙන් යන්න ගියා.. මගේ ජීවිතේ හොයාගෙන .. බෝදියි මමයි කතා කරපු දේවල් හිතේ තියාගෙන තනියම හිනාවෙවි.. ගොඩක් තෘප්තිමත් විදිහට සයිකැට්රිස් කෙනෙක් විදිහට මම වැඩ කලා... මගේ වෘතීය ජීවිතේ , ඩිග්රිය අරගෙන අවුරුදු තුනක් යද්දි මේ තරම්ම සාර්තක වෙයි කියලා මම හීනෙකින් වත් හිතුවෙ නෑ..
බෝදි දැන් කසාද බැදලා පොඩි පැටවුත් හදලා ඇති... මම ගොඩක් වෙලාවට මටම එහෙම කියාගත්තා...
එක දවසක් මම , මගේ වැඩ ඉවර කරලා ගෙදර ඇවිත් කන්න හදනකොටම , මට කෝල් එකක් ආවා.. ලංකාවෙ නම්බර් එකකින්.. මම සේව් කරලත් නැති එකක්..ගෙදර කෙනෙක් අලුත් නම්බර් එකක් අරන් ඇති... මම එහෙම හිතලා කෝල් එක ආන්ස්වර් කලා...
දෙවියනේ...මම මැරෙනතුරාවට ඒ කෝල් එක මගේ හදවතේ තියෙයි...
මම හෙලෝ කියද්දිම... එහා පැත්තෙන් ඇහුනෙ මට අදහගන්න බැරි හඩක්...
"අයියේ, මේ ඔයා නේද ?අභිත අයියේ ... " දෙවියනේ ඒ බෝදි..... ඒ හුරතල් හඩ මම කොහොම කියලා අමතක කරන්නද ..... මගේ තොල් පොටවල් වේලිලා ගියා.. සතුටට ද දුකට ද කියලා මම දන්නේ නෑ...
"නංගී... කාලෙකට පස්සෙ....." බොහොම අමාරුවෙන් මම වචන දෙක තුන්ක් ගැටගහගත්තා...
බෝදි මට කතා කලේ එයාගෙ වෙඩින් එකට ඉන්වයිට් කරන්න.. මාස හයකින් එයා මැරි කරනවා .. එයාගෙ වෙඩින් එකට යන්න , ගිහින් එයා මැරි කරනවා බලන්න , හිතට ධයිර්යක් නැති උනත්.. එයාගෙ ඉල්ලීම අහක දාන්න මට ශක්තියක් තිබුනෙ නෑ... ඩිසෙම්බර් වැකේශන් එකට යන එකේ වෙඩින් එකටත් යනවා ... ඔහොම හිතාගත්තු මම වෙනදාවගේම මගේ වැඩ වලට බිසී උනා...
ඔව් ඔව් මම ලංකාවට ගියා.. ගිහින් යාලුවො එහෙම හම්බවෙන්න හිටියට ගොඩක් යාලුවො එහෙ මෙහෙ වෙලා.. මම ලංකාවට ගියේ බෝදිගෙ වෙඩින් එකට සතියකට කලින්..බෝදි ගෙයි මගෙයි එකම යාලුවා නිපුන් ඉන්දියා වල හිටියේ.. එයා ආවෙ මම ඇවිත් දවස් තුනකට පස්සෙ.. මම ලංකාවට ඇවිත් දවස් පහකට පස්සෙ මමයි නිපුනුයි හම්බුනා...
එදා තමයි මගේ ජීවිතේ මම වැඩිපුරම දුක් වුන දවස..
ඇයි කියලා මම කියන්නම්..
දැන් අනිද්දා කීයටද අපි යන්නේ ? මම නිපුන්ගෙන් ඇහුවා..
කොහෙද ? නිපුන් ලොකු ප්රශ්නයක් වගේ ඇහුවේ...
මට නිපුනගැන තරහකුත් ආවා.. එයාගෙ වයිෆ්ගෙ හොදම යාලුවාගෙ වෙඩින් එක අමතක උන එකට..
ඇයි බං බෝදිගේ වෙඩින් එකට යන්නෙ නැද්ද උඹලා.. මටත් ඉන්වයිට් කරලා තියෙන්නෙ..
ඒක අහපුවහම නිපුන්ගේ මූන ගොඩක් අවුල්.විදිහට මැලවිලා ගියා.. මම හිතුවේ නිපුන්ලට වෙඩින් එක කියලා නැත්ද වත් කියලා.
උඹලට වෙඩින් එක කිව්වෙ නැද්ද බං ,, සොරි බං එහෙම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ... මම නිපුන්ගෙන සමාව ඉල්ලුවා..
එක පාරටම මාව බදාගත්තු නිපුන් මගේ උරහිසින් අල්ලලා පුටුවෙ වාඩි කලා..නිපුන්ගෙ අමුතු හැසිරීම දැකපු මම හිතුවෙ බෝදි වෙඩින් එක කියපු නැති නිසා හෙන අවුල් ගිහින් කියලා...ඒත් එකපාරටම නිපුන් කියපු දෙයින් මාව කරකවලා අතෑරියා වගේ උනා...
"අභිත.. එහෙම වෙඩින් එකක් සිද්ධ වෙන්නෙ නෑ බං.". නිපුන් ඒක කියපු වෙලාවෙ සතුටු වෙන්න ඕනද දුක් වෙන්න ඕනද කියලා හිතලා අතරමං උන මාව , නිපුන් ඊලගට කියපු දේ නිසා පිස්සෙක් වගේ උනා...
"බෝදි දැන් දැන් ඇවිදින මල කදක් වගේ බං....." මං දන්නේ නෑ මට මොනවා උනාද කියලා.. ඒ වෙලාවෙ මට දැනුනෙ මගේ ඇස් නිලංකාර වෙලා බොද උනා කියන එක. මගේ ඇගට පණ නැති වෙලා ගියා... හිතේ තිබුන මොකක්දෝ හැගීමක් නිසා අතේ තිබ්බ වීදුරුව මගේ අතින් කුඩුවෙලා අත ලේ විලක් වෙනකම් මට දැනුනේ නෑ...
මං හිතන්නෙ මට කලන්තෙ දැම්මා...
මාස හයකට කලින් සතුටින් කතා කරලා වෙඩින් එකට එන්න කියපු කෙනාට මොකද්ද ඒ උනේ.. උදේ නැගිට්ට ගමන් මට ඕන උනේ බෝදිව බලන්න.. වීදුරු කටුවලට කැපිලා තුවාල උන අතේ බැන්ඩේජ් එකත් එක්කම වාහනේ අරගෙන නිපුන්ලගෙ ගෙදර ගිහින් මිනිහව ගත්තා.
කිසිම කතාවක් නොකර මම වාහනේ ඩ්රයිව් කරගෙ ගියේ කොහේටද යන්නෙ කියලවත් දන්නෙ නැතුව. අභිත අපි කොහෙද යන්නෙ ? .. නිපුන් එහෙම අහපුවහම මම කවුරුත් නැති පාලු හරියකින් වාහනේ හෙමිට නැවැත්තුවා.. නිපුන්ගෙන් මට අහන්න තිබ්බෙ එකම එකම ප්රශ්නයයි.මම ඒක ඇහුවා...
මචන් ... බෝදි ට මොකද උනේ ?..
උඹ මෙහෙන් ගියාට පස්සෙ බෝදි ආපහු අපිට කතා කලා .. එයාගෙ එෆයාර් එක ඉස්සර වග්වෙම අවුල් ගොඩක් මැද්දෙ ගෙවිලා ගියා.. අම්මලගෙ පර්මිශන් තියෙන නිසා කිසි බයක් නැතුව ඒ මිනිහා බෝදිට වද දුන්නා.. මීට මාස හයකට කලින් අපිට බෝදි කතා කලා.. කතා කරලා කිව්වා.. මම මැරි කරන්න යන්නේ.. ඉතින් අභිත අයියා මෙහෙ නැති උනත් අපි පොඩ්ඩක් හම්බවෙමුද කියලා...
ඉතින් මීට මාස හයකට කලින් එක දවසක අපි හම්බවුනා.. එයා ගොඩක් සතුටෙන් හිටියෙ .. එයාගෙ වෙඩින් එක ගැන ඉතින් අපි ගොඩක් වෙලා කතා කලා.. උඹගෙ නම්බර් එක පවා ඉල්ලගත්තා.. එදා ඔය විදිහට හවස් වෙනකම්ම කතා කලා.. හරිම සතුටින් තමයි හිටියේ.. මම හිතන්නෙ එදා රෑම තමයි උඹට කතා කරන්නත් ඇත්තේ...
ඔව් එදා රෑ වෙන්න ඇති...මම කියන්න දෙයක් නැති කමට කිව්වා..ඊට පස්සෙ මොකද උනේ..
එයාගේ ඒ සතුට තිබ්බෙ මාස දෙකයි .. ඒ මිනිහට තිබ්බනෙ යුරෝප් පිස්සුවක්.. ඒ මිනිහා ස්විඩිශ් ගර්ල් කෙනෙක් එක්ක සෙට් වෙලා මැරි කරලා එක පාරටම ලංකාවෙන් ගියා එන්ගේජ්මන්ට් එකට කලින් දවසෙ..මිනිස්සු හැමෝම ආවා..ඒත් මනමාලයා නෑ.. ඉතින් උඹ හිතපන්..බෝදිට මොනවා හිතෙන්න ඇත්ද ?
නිපුන් එහෙම කියද්දිත් මගේ ඇස් දෙකෙන් කදුලු බේරුනා..සයිකැට්රිස් කෙනෙක් උනත් මමත් මනුස්සයෙක් .. මමත් එදා ගොඩක් වැටුනා..
බෝදි මුලින්ම ස්විසයිඩ් කරගන්න ගියෙ එදා.. ඒත් මමයි ලක්ශි හිටපු නිසා එදා එයා බේරුනා.. අපි තේරුම්කලා .. ස්විසයිඩ් කරගන්න එක නෙවෙයි එකම විසදුම කියලා..ඒවෙලාවෙ උඹ හිටියනම් කියලා දැනුනා.. අපි උඹට කතා කලේ නැත්තෙ උඹ උඹේම ජීවිතයක් හදාගෙන තිබුන නිසා..
ඒත් කාටවත් නොතේරී බෝදිගෙ මානසික මට්ටම දවසින් දවස හොද නැති වෙලා තිබුනේ.. එයා එයාව දාලා ගිය මිනිහව හිතින් මවාගෙන කතා කරන්න ගත්තා.. ඒ මිනිහ ගෙදර ආවහම ඉදගන්න පුටුව එක්ක පවා කතා කලා.. කෑම එක බෙදලා ඒ පුටුවට කවන මට්ටමට වැටුනා.. පුටුව කන්නෙ නැති නිසා බෝදි කෑවෙත් නෑ..
ඉතින් බෝදි ගෙ මානසික මට්ටම වගේම ඇගත් කෙට්ටු උනා..බෝදිගෙ ගෙදර මිනිස්සුන්ට මේක බලන් ඉන්න බැරුව, බෝදිව ....
ඔව් බෝදිට මොකද කලේ කියපං මට ... මම වාහනේ ඇතුලේ කෑගැහුවා..
බෝදිව මෙන්ටල් හොස්පිටල් එකට ඇඩ්මිට් කලා.. දැන් එයා ඉන්නෙ එහෙ.. නිපුන් එහෙම කිව්වහම මගේ ඇගට පන නැතිවෙලා ගියා.. ආපහු මාව ෆේන්ට් වෙන්න වගේ..
දෙවියනේ බෝදි.. මේ කේල්ලට මොකද උනේ මේ.. ඇයි මම එයාව දාලා ගියේ... මේ වගේ ප්රශ්න ගොඩක් මැද්දේ හිරවුනු මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ගියෙ මම සයිකැට්රිස් කෙනෙක් කියල මටම අමතක වෙලා ...
ඒ වෙලාවෙ එකපාරටම නිපුන්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.. ඒ කෝල් එක තමයි ජීවිතේ මට කවදාවත් අමතක කරන්න බැරි දෙවනි කෝල් එක..
කෝල් එක ආන්ස්වර් කරපු නිපුන් ඇස් වල කදුලු පුරෝගෙන මගේ දිහා බැලුවා.. නිපුන්ගෙ බැල්ම තේරුනු මම කිසි දෙයක් කියාගන්න බැරුව නිපුන්ගෙ මූන දිහා බැලුවා..
හර්ශ .. බෝදි ආපහු ස්වීසයිඩ් කරගන්න හදලා... දැන් ඉන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ.. අයි සී යූ එකේ...ඒක අහපු වෙලාවෙ මම කරපු දේවල් මට මතක නෑ.. ඇත්තමයි ..මම හොස්පිටල් එකට කොහොම ආවද කියලවත් මම දන්නේ නෑ.. මගේ හිත පුරාම ඒවෙලාවෙ තිබ්බෙ එකම එක දෙයයි. ඒ තමයි බෝදි...
මම හොස්පිට්ල් එකේ බෝදි ඉන්න වෝඩ් එකේ අයි සී යු එකට දුවගෙන ගිහිල්ලා මගේ අයි ඩී එක පෙන්නුවා.. මම ඩොක්ටර් කෙනෙක් කියලා දැනගත්තු එයාලා බෝදි ලගට මාව එක්කගෙන ගියා.. දෙයියනේ.. බෝදි ... මලක් වගේ හුරතලේට හිටපු කෙල්ල .. මලමිනියක් වගේ සුදුමැලි වෙලා අයි සී යූ එකේ වැතිරිලා ඉන්නවා.. මම දන්නේ නෑ මට මොනවද උනේ කියලා.. මගේ ඇස් වලින් කදුලු ගලාගෙන යනවා..මම මගේ අත් දෙක අරගෙන වැදලා දෙවියන්ගෙන් ඒවෙලාවෙ ඉල්ලුවෙ එකම එක දෙයයි.... ඒ මේ හුරතල් කෙල්ලව ආපහු හිටපු විදිහටම දෙන්න කියන එක..ලෙඩ ඇදේ පනකෙන්ද රැකගන්න වැටිලා ඉන්න කෙල්ලව දැක්ක හැටියෙ මතක් උනේ.. ඉස්සර අයියේ කියලා හුරතල් විදිහට හිනාවෙන මුහුණ.. දෙවියො මේ ලෝකෙ ඉන්නව නම් , ඇයි මේ කෙල්ලට මෙහෙම දෙයක් වෙනකන් බලා හිටියෙ... මම දන්නෙ නෑ මොනවා කරන්නද කියලා... ටික වෙලාවක් බෝදිගෙ ඇද ලග බලාගෙන ඉන්නකොට එක පාරටම කෙනෙක් මගේ උරහිසට අත තිබ්බා... මම හැරිලා බලනවත් එක්කම මම දැක්කේ , මම ගොඩක් අදුරන මුහුණක්..
නැහැ නැහැ ඒ නිපුන් වත් ලක්ශි වත් නෙවෙයි.. අකිල... කැම්පස් එකේ මගේ යාලුවෙක්.. දැන් එයා ජපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක්... අකිල මාව අයි සී යු එකෙන් එලියට එක්කන් ගියා.. නිපුනත් එලියෙ පුටුවක වාඩිවෙලා ඒ දිහා බලාගෙන හිටියා..
-අකිල මට කොහොමහරි එයාව බේරගන්න ඕන..
-මම දන්නවා අභිත ඒත් සයිකැට්රිස් කෙනෙක් හැටියට උඹත් දන්නවනෙ.. එයාට දැන පිසිකල් ට්රීට්මන්ට්ස් ඔක්කොම කරලා ඉවරයි.. දැන් තියෙන්නෙ එයාගෙ මෙන්ටල් ට්රීට්මන්ට්ස් පටන් ගන්න.... උඹට හිත හදාගෙන ඒක කරන්න බැරි නම් ඩොක්ටර් හසිනිට අපි කතා කරමු..
නැහැ අකිල... එයා මගෙ වගකීමක්.. එයාව මම ම හොද කරනවා...
හ්ම්ම් උඹේ කැමැත්තක්..
බෝදිට සිහිය එන්න දවස් පහක් ගියා... එයාට සිහිය එන වෙලාවෙ එයා ලග ඉන්න තරම් මම වාසනාවන්ත උනා.. හිමින් හිමින් ඇස් ඇරපු බෝදි .. වටපිට බලලා මගේ ලග නතර උනා.. එයා ඒ කියපු වචනෙට මගේ මුලු පපුවම කඩා වැටුනා...
"අයියේ ඔයා ආවද ? " දෙවියනේ බෝදි මාව අදුරගෙන.. අවුරුදු ගානක් ලග හිටියෙ නැති මාව... මානසික රෝහලේ ඉදපු මේ පුන්චි කෙල්ල අදුනගෙන...
මම ඉක්මන්ට බෝදිගේ අතින් අල්ලගත්තා...
නංගී....මම ආවා... ඉක්මන්ට සනීපවෙලා ගෙදර යමු...
මම එහෙම කිව්වහම ඔලුව වනපු බෝදි ආපහු ඇස්පියා ගත්තා...
ජපුර හොස්පිටල් එකේ ට්රීට්මන්ට්ස් එක්ක බෝදිගෙ තත්වෙ ටිකෙන් ටික හොද අතට හැරුනා.. ඒත් අපි එයා ලග ඉන්නෙ නැති හැම වෙලාවකම එයා කලේ කල්පනා කරපු එක...
ඔය විදිහට කාලෙ ගෙවිලා ගියා... ජනවාරි 17 රෑ 12 ටත් මම හිටියෙ හොස්පිට්ල් එකේ... ඒ වෙලාවෙ බෝදි නැගිටලා හිටියෙ.. මම බෝදි ඉස්සරහට ගියා...
බෝදි ..
ඇයි අයියේ...
Happy birthday බෝදි... මම හිනාවෙලා බෝදිගෙ අතට එන්ලොප් එකක් දුන්නා..
ඔයාට මතක තිබුනා නේද ? මේ මොකද්ද මේ... ? එයා එන්ලොප් එක අතට අරන් බැලුවා..
අයියේ මේ ඇත්තමද ?
මම ඔලුව වැනුවා..
මේක තමයි මේ ජීවිතේ මට ලැබෙන ලොකුම දේ...
එයා එහෙම කියද්දි මගේ ඇස් වලට නිකන්ම කදුලු ආවා..
මම බෝදිව ජපුර හොස්පිට්ල් එකෙනුයි , මෙන්ටල් හොස්පිට්ල් එකෙනුයි දෙකෙන්ම ඩිස්චාර්ජ් කර ගත්තු ලෙටර් එක දැකලා බෝදි ගොඩක් සතුටු උනා... ඉතින් මම එයාව උපන්දිනේ දවසෙම ඩිස්චාර්ජ් කරගෙන එක්කන් ගියා එයාව හොස්පිට්ල් එකෙන් මගේ වාහනේට නග්ගගත්තෙ හරියටම ජනවාරි 18 පාන්දර දෙකට.. එයාව මම කෙලින්ම එක්කන් ගියේ එයාගෙ ගෙදරට පාන්දර අපි ගෙදරට ගිහින් දොරට තට්ටු කලා.. දොර ඇරියෙ බෝදිගෙ අම්මා... බෝදිව බදාගෙන අඩපු අම්මා.. එයාව ඇතුලට එක්කන් යද්දිම එකපාරටම ගෙදර ලයිට්ස් ඔන් උනා.. යාලුවො ඔක්කොම එක පොදියට කෑ ගැහුවා.. Happy birthday බෝදි .........
බෝදිට හිතාගන්න බෑ..මොකද උනේ කියලා.. සතුට වැඩිකමට එයා අම්මව බදා ගත්තා..
ඉටිපන්දම් ගහපු කේක් එක කපන අතරෙ ලස්සන සින්දුවක් ප්ලේ උනා...
උපන්දිනය අද ඔබගේ .. සුපපැතුම් ගෙනෙමි මා සුහදේ
සිතේ රැදුනු දහසක් දේ .. පවසමි මේ ගීයෙන් රහසේ..
උපන්දිනය අද ඔබගේ .. සුපපැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ ..රැදි මල් පොකුරයි මේ මාගේ...
Happy birthday to you...
Happy birthday to you...
Happy birthday to you...
Happy birthday to you...
මේ විදිහට මාස දෙකක් ගියා .. තව දවස් පහකින් මම මෙහෙන් යන්න ඕන.. දෙවියනේ මම බෝදි ව දාලා යන්නෙ කොහොමද ? බෝදි කියන්නෙ මගෙ පන..අනික මමයි බෝදිගෙ සයිකැට්රිස් ...
අන්තිමේදි මම ඒ තීරනේ ගත්තා... බෝදි වෙනුවෙන් මම මගේ රස්සාව අතෑරියා.. මම ලංකාවෙ හොස්පිට්ල් එකකට ජොයින් වුනා.. ඒ ගමන් බෝදිට ට්රීට්මන්ට් කලා.. බෝදි ඒ කාලෙ පුරාවටම හිටියෙ අපේ ගෙදර.. එයා අපේ ගෙදර හිටපු අවුරුද්දෙ අපේ ගෙදර මිනිස්සුත් හරිම සන්තෝසෙන් හිටියේ... ඒ මොන දේ තිබුනත් බෝදිගෙ හිත තාම පරන මතකයන් නිසා දුක් වෙනවා.. ඒ දේවල් බෝදිගෙන් තවත් ඈත් කරන්න නම්.. මම එයාව ලංකාවෙන් ටිකක දුරස් කරන්න ඕන...
බෝදිටත් පාස්පෝට් එක හදවපු මම.. බෝදිට ට්රීට්මන්ට්ස් කරන්න පටන් අරන් අවුරුද්දකට පස්සෙ .. කැනඩා වලට එක්කන් ගියා...
අපි යුරෝප් වල ඇවිද්දා.. හරිම සතුටින් කාලෙ ගතකලා..මාත් එක්ක හිටපු කාලෙදි එයා සම්පූර්ණයෙන් සනීප උනා.. ඒත් මට තාම රෑට නිදා ගන්න බයයි.. හැම රෑකම මම පැයෙන් පැය ගිහින් බලන්නෙ එයා සනීපෙන් ඉන්නව නේද කියලා..
අවුරුදු දෙකකට පස්සෙ අපි ලංකාවට ආවා..
අභිත හිතන්නෙ නැද්ද ... මේ තරම් දෙන්නා එකට හිටපු එකේ මේ තරම් උඹ බෝදි ට ආදරේ කරන එකේ .. එයාව කසාද බැදලා එක පවුලක් උනා නම් හොදයි කියලා.. නිපුන් මගෙන් ඇහුවෙ මමයි බෝදියි නිපුන්ලගෙ දිහා ඩිනර් එකට ගිය වෙලාවෙ.. ඒ වෙලාවෙ බෝදි , ලක්ශි එක්ක ලොකු කතාවක..
බෝදි දිහා බලලා හෙමිහිට හිනාවුන මම නිපුන්ට උත්තර දුන්නා..
මචන් .. බෝදි තාම පොඩි බං.. එයා හොද උන බව ඇත්ත.. ඒත් කසාදෙ කියන බැදීමට බෝදි වෛර කරනවා..අනිත් දේ..මේ ආත්මේ බෝදිව මට අයිති නැතුව ඇති ... කතාවක් තියෙනවා.. එක ආත්මෙක අපි කෙනෙක්ව කසාද බැන්දොත් ..ආත්ම හතක් යනකන් ඒ දෙන්නා ඒ දෙන්නගෙම විතරයි කියලා..ඉතින් ලබන ආත්මෙ එයා මගෙම වෙලා උපදීවි..සසරෙ ඉන්න තුරාවටම එයා මගේ වෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන එක ඇරෙන්න වෙන දෙයක් මම දන්නෙ නෑ..
උඹ හිතන විදිහ මම දන්නෙ නෑ අභිත...ඒ කියන්නෙ කවදාවත්ම උඹේ වත් බෝදිගෙවත් වෙඩින් එකක් අපිට බලන්න බැරිවෙයි..
උඹලට මාව තේරුම් ගන්න බැරි වෙයි නිපුන් ..මම එයා වෙනුවෙනුයි ජීවත් වෙන්නෙ....බලාපොරොත්තු නැතුව කරන one side love එක තරම් ආදරයක් මේ ලෝකේ නෑ... එයා හිනාවෙන එක තමයි මේ ලොකේ මම ලබන එකම සතුට....මම ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා..
අයියේ කන්න එන්නකො මට බඩගිනී...බෝදි මට කතා කලා..
මේ එනවා බෝදි...
අයියේ ලක්ශි අහනවා ඊලගට අපි දෙන්නා කොහෙද යන්නෙ කියාලා...
මනාළි...ඉන්දියා....
-සමාප්තයි-
*මෙහි එන කතාව නම් ගම් චරිත සියල්ල මනංකල්පිත වේ.
Comments
Post a Comment