Posts

Showing posts from April, 2022

Destiny Ep1

Image
 Destiny - Short Story දෛවය - කෙටිකතාව පළමු දිගහැරුම කූල් මචන් කූල්.... දැන් මොනව කරන්නද බං.. ගිය දේ ගියා... ආයෙත් ඒ කන්ට්‍රැක්ට් එක නම් අපිට ලැබෙන්නෙ නැහැ..... මගුලක් කතා කරන්නෙ නැතුව මට යන්න දියන් බං.... කොහේ ගියත් පරිස්සමෙන් පලයං පුතා....දුනී නැත්තම් තනිකඩ වෙයි.... දේවින්ද අන්තිමට හිනාවෙලා මට එහෙම කිව්වෙ මාව කොහොමහරි රිලැක්ස් කරන්න පුලුවන් වෙයි කියලා..... ඒත්......රිලැක්ස් එකේ ඉන්න තරම් මූඩ් එකකින් නෙවෙයි මම හිටියෙ..... මාස ගානක ට්‍රයි එකක් වේස්ට් වෙලා ගියා.... අපරාදේ........ මේ කන්ට්‍රැක්ට් එක ලැබුනනම් අපිට ලොකු තැනකට එන්න තිබ්බා.... ශිට්........මම තනියෙම රූෆ්ටොප් එකට වෙලා කල්පනා කලේ මොනවද මට වැරදුනේ කියලා...... ගොඩක් වෙලාවට මම මෙතන්ට එන්නෙ... හොරෙන් සිගරට් එකක් බොන්න... ලොකු ස්ට්‍රෙස් එකක් දැනුනම මම මෙතන්ට වෙලා සිගර්ට් එකක් බොන බව දැනගෙන හිටියේ දේවින්දයි දුනීයි විතරයි...... මේ රූෆ්ටොප් එක උඩ ඉන්නකොට මට පේන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත වල තියෙන එපා කරපු රේස් එක... එකකට එකක් ඉස්සර වෙන්න දගලන වාහන.... ආත්මාතකාමී විදිහට හැසිරෙන මිනිස්සු..... අපිත් ඒ ජීවිතේම කොටසක් කියලා මතක් වෙද්දි සමහර ...

මනාළි... (කෙටි කතාව)

Image
  ...මනාළි... (කෙටි කතාව) -අකිල මට කොහොමහරි එයාව බේරගන්න ඕන.. -මම දන්නවා අභිත ඒත් සයිකැට් ‍ රිස් කෙනෙක් හැටියට උඹත් දන්නවනෙ.. එයාට දැන පිසිකල් ට් ‍ රීට්මන්ට්ස් ඔක්කොම කරලා ඉවරයි.. දැන් තියෙන්නෙ එයාගෙ මෙන්ටල් ට් ‍ රීට්මන්ට්ස් පටන් ගන්න.... උඹට හිත හදාගෙන ඒක කරන්න බැරි නම් ඩොක්ටර් හසිනිට අපි කතා කරමු.. නැහැ අකිල... එයා මගෙ වගකීමක්.. එයාව මම ම හොද කරනවා... ....... දවස් හයකට කලින් මම ලංකාවට ආවේ... අමතක උනා.. මම කවුද කියලා කියන්න... එයා ලෙඩ ඇදේ ඉන්නකොට මට හුස්මගන්න පවා අමතක වෙනවා.. මම අභිත.. සයිකැට් ‍ රිස් කෙනෙක්.. මම හිටියෙ කැනඩාවෙ... ඊට කලින් .. ඊට කලින් මම සාමාන් ‍ ය කොල්ලෙක්.. මට ඕන උනේ ඩොක් ‍ ටර් කෙනෙක් වෙන්න.. ඉස්සර ඉදන්ම ඒකට උත්සහ කලත් මට ලකුණු මදි උනා.. ඒත් මට සයිකැට් ‍ රිස් කෙනෙක් වෙන්න පුලුවන් උනා.. ඔහොම ඉන්න අතරෙ තමයි මට එයාව හම්බුනේ.. මගෙ ෆස්ට් ඉයර් එකෙදි.. නැනැ කැම්පස් එකේ නෙවෙයි.. මගේ යාලුවෙක් හිටියා.. යාලුවෙක් කියන්නෙ..මගෙ එක්ස් ගර්ල් කෙනෙක්ගෙ කසින්... නම නිපුන්.. නිපුන් මාත් එක්ක පොඩි බිස්නස් එකක් කලා.. අපිට තිබ්බා පොඩි යූ ටියුබ් උනක්..ඉතින් අපි චැනල් එකක් කලා...මේකෙදි ත...

Divorce Episode 2

Image
 DIVORCE - (short story) කෙටි කතාව -  අවසන් දිගහැරුම ඔෆර් එකක් .. ඒ මොකද්ද ? ජිනේ ඇහුවෙ කුතුහලෙන් පරතෙරටම ගිහින්.... මෙන්න මේකයි.... අවුරුද්දක් අපි එකට ඉදලා පස්සෙ ඩිවෝස් වෙනවා..... එකම ගෙදර තනි තනියම.... දෙන්නෙක් විදිහට.... ඒත් මුලු ලෝකෙටම අපි කපල් එකක්....... අනිත් දේ... කිසිම විදිහක සෙක්සුවල් රිලේශන්ශිප් එකක් අපි දෙන්නා අතර ඇති වෙන්නෙ නැහැ..... ඒත් බං ඩිවෝස් උනහම කෙල්ලෙක් ගැන මිනිස්සු හිතන්නෙ.....ජිනේ කියවගෙන යද්දි මම ජිනේව නැවැත්තුවා..... මේ අහපං ජිනේ.... ඒකි යකෙක්... යකෙක් නෙවෙයි යක්ශණියක්..... ඒකිට ඔය මොන මගුලක්වත් වැඩක් නෑ.....අනිත් දේ....... මම ඒ ඩීල් එකට සීයට දාහක් කැමතියි.........අන්තිමේ මම ජිනේට මට වෙන සැන්සීමක් නැති බව ඒත්තු ගන්වලා කිව්වා....ඒ දේ රහසක් හැටියට ජිනේ හැමදාම පරිස්සම් කරන එක ගැන මට සැකයක් තිබ්බෙ නැහැ...  පාන්දර වෙනකම් කියව කියව ඉදලා උදේම යන්න පිටත් උනා.... බෙලිහුලොය හරියෙ හොටෙල් එකක් බුක් කරලා තිබ්බෙ අලුත බැදපු ජොඩුවට.. ඔව් මටයි අර පණ්ඩිත ගෑණිටයි.... වාහනේ ඩ්‍රයිව් කරන් යද්දි ඒකිට එලියට විසික් වෙන්න පයින් ගහන්න හිතුන වාර අනන්තයි....මට ඒකිව ඒ තරමටම ත...