Posts

Showing posts from May, 2022

පීතෘ කෙටිකතාව l අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය

Image
  පීතෘ කෙටිකතාව අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය ජීවිතේ කියන්නෙ හරි අමුතු කතාවක්...සමහර වෙලාවට මේ කතාව අපිව හිනස්සනවා...සමහරවෙලාවට මේ කතාව අපිව අඩවනවා......ඒත් හැරිලා බලද්දි අපි වැඩිපුරම කරලා තියෙන්නෙ ඒ දෙකෙන් මොකද්ද? අඩල ද? හිනාවෙලා ද? මේ ප් ‍ රශ්න දෙක ඔයා ඔයාගෙන්ම අහලා බලන්න........... මම ඉපදුනේ 1987 ජනවාරි 05 අනුරාධපුර පැත්තෙ තියෙන පොඩී ගමක ..... අපේ ගමට නිතරම වගේ ත් ‍ රස්තවාදීන් ඒ කියන්නෙ කොටි කඩාවැදුනා... මගේ අම්මා මාව අරගෙන ගියා නුවර ලොකු මහත්තයෙක්ගෙ ගෙදරකට.... ඒ ගෙදර වත්තෙ පිටියෙ කුස්සියෙ බැල මෙහෙවර කරගෙන වැටිලා ඉන්න පොඩි මඩුවකුයි..තව අපෙ අම්මගෙ අතට සොච්චම් මුදලකුයි ලැබුනා.. මගේ අම්මා මාව හදාගත්තේ බොහොම දුක් මහන්සියෙන් ... අපේ අම්මා ලොකු මහත්තයට පින්සේන්ඩු වෙලා මාව ගමේ ඉස්කෝලෙට දා ගත්තා.. ලොකු නෝනා නම් හැම වෙලාවෙම කිව්වෙ " සිරියෝ ඕකව ඉස්කෝලෙ ඇරලා මහ ඒජන්ත කරන්ටෑ...ඕකට ඔය කුලියක් මලියක් කරන හැටි උගන්ටපිය " කියලයි... ඒත් මගේ අම්මා මට නිතරම කිව්වෙ "පුතේ උඹ ඉගෙනගෙන මේ මල අපායෙන් මිදියන්" කියලා.... ඉපදුන දවසෙ ඉදන් කවදාවත් මගේ තාත්තව මම දැකලා නැහැ....