Posts

පීතෘ කෙටිකතාව l අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය

Image
  පීතෘ කෙටිකතාව අහිමි වී ගිය පිය සෙනෙහසක වා තලයට මුසු වූ ශෝකාන්තය ජීවිතේ කියන්නෙ හරි අමුතු කතාවක්...සමහර වෙලාවට මේ කතාව අපිව හිනස්සනවා...සමහරවෙලාවට මේ කතාව අපිව අඩවනවා......ඒත් හැරිලා බලද්දි අපි වැඩිපුරම කරලා තියෙන්නෙ ඒ දෙකෙන් මොකද්ද? අඩල ද? හිනාවෙලා ද? මේ ප් ‍ රශ්න දෙක ඔයා ඔයාගෙන්ම අහලා බලන්න........... මම ඉපදුනේ 1987 ජනවාරි 05 අනුරාධපුර පැත්තෙ තියෙන පොඩී ගමක ..... අපේ ගමට නිතරම වගේ ත් ‍ රස්තවාදීන් ඒ කියන්නෙ කොටි කඩාවැදුනා... මගේ අම්මා මාව අරගෙන ගියා නුවර ලොකු මහත්තයෙක්ගෙ ගෙදරකට.... ඒ ගෙදර වත්තෙ පිටියෙ කුස්සියෙ බැල මෙහෙවර කරගෙන වැටිලා ඉන්න පොඩි මඩුවකුයි..තව අපෙ අම්මගෙ අතට සොච්චම් මුදලකුයි ලැබුනා.. මගේ අම්මා මාව හදාගත්තේ බොහොම දුක් මහන්සියෙන් ... අපේ අම්මා ලොකු මහත්තයට පින්සේන්ඩු වෙලා මාව ගමේ ඉස්කෝලෙට දා ගත්තා.. ලොකු නෝනා නම් හැම වෙලාවෙම කිව්වෙ " සිරියෝ ඕකව ඉස්කෝලෙ ඇරලා මහ ඒජන්ත කරන්ටෑ...ඕකට ඔය කුලියක් මලියක් කරන හැටි උගන්ටපිය " කියලයි... ඒත් මගේ අම්මා මට නිතරම කිව්වෙ "පුතේ උඹ ඉගෙනගෙන මේ මල අපායෙන් මිදියන්" කියලා.... ඉපදුන දවසෙ ඉදන් කවදාවත් මගේ තාත්තව මම දැකලා නැහැ....

Fifty Days - දවස් පනහක් l කෙටිකතාව - අවසන් දිගහැරුම

Image
  Fifty Days - දවස් පනහක් කෙටිකතාව - අවසන් දිගහැරුම ඉටිපන්දම් ටිකත් පත්තු කරගෙන අපි හෙමින් හෙමින් කාමරේට ගියා...... අපි යද්දි අම්මි හොදටම නිදි......... මම හෙමින් ගිහින් එක පාරටම අම්මි බයවෙන විදිහට නැගිට්ටවන්න හැදුවෙ.......ඒත් එකපාරටම තාත්ති මාව අල්ලගත්තා.... එපා එපා..... යමු එලියට ....තාත්ති රහසින් වගේ කිව්වහම අපි ආපහු කාමරෙන් එලියට ආවා.... මොකද තාත්ති වුනේ....... මල්ලි ඇහුවෙ මම හෙමින් දොරවහලා එද්දි...... අම්මා සනීපෙට නිදිනෙ ශෙනුක..... මට ඇහැරවන්න දුකයි......... තාත්ති කිව්වෙ මූන ඇඹුල් කරගෙන.....ඉටිපන්දම් නිවන ගමන්...... අයියෝ තාත්ති... මේ වෙලාවෙ ඒක කමක් නැහැ....මමනේ කියන්නෙ.....තාත්තී මල්ලි පහලට යන්න.... මම අම්මිව එක්කන් එන්නම් පහලට..... ඊට පස්සෙ ඔයාලා ලයිට්ස් ඔන් කරලා හැපි බර්ත්ඩේ කියන්න.....මම තාත්තිවයි මල්ලිවයි පහලට යවලා හෙමිහිට අම්මි ඉන්න මගෙ කාමරේට ගියා......... ** දුව එයාව එක්කගෙන එනකම් මම හිටියෙ බයේ ගැහි ගැහි............... එක පාරටම දුව එක්ක එයා කලුවරේම පහලට දුවගෙන ආවා..... කෝ කෝ කළ් ‍ යාණ් ට හොදටම අමාරුද ? එයා හයියෙන් ඇහුවෙ කලුවරේ පඩිපෙල බහිනගමන්...... ඒත් ඒක්කම මම ස්විච් ...